පුරන්න
: Капитальный ремонт крыши. Быстрый ремонт крыши дома своими руками. Стоимость ремонта крыши. Ремонт потолка своими руками. Качественный ремонт потолков в квартире. Ремонт подвесных потолков. Схема подключения котла отопления. Быстрое подключение котла к системе отопления. Подключение батарей отопления схема.
Продажа самодельных вездеходов. Лучшие самодельные мини вездеходы. Устройство самодельных вездеходов. Ванная комната дизайн фото. Красивый дизайн интерьера ванной комнаты. Дизайн ванной комнаты в квартире. Как начать бизнес с нуля. Лучшие идеи малого бизнеса с нуля. Новый бизнес с нуля. Самодельные квадроциклы чертежи. Как сделать самодельный квадроцикл сегодня. Самодельный квадроцикл своими руками. Стяжка пола своими руками. Быстрая и сухая стяжка пола своими руками. Как сделать стяжку своими руками.

වාරිමාර්ග පුහුණු ආයතනය (ITI)

ඉතිහාසය

වාරිමාර්ග දෙපාර්තමේන්තුව 1900 දි බි‍්‍රතාන්‍ය රජය විසින් ස්ථාපනය කරනු ලැබිණි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් වසර හතක් පමණක් ගතවීමෙන් අනතුරුව 1907 ත‍්‍රිකුණාමලයේදී වාරිමාර්ග පුහුණු මධ්‍යස්ථානය (ITC) නමින් දෙපාර්තමේන්ව එයටම අයත් පුහුණු ආයතනය දිවයිනේ පිහිටුවීමත් සමග වාරිමාර්ග ඉංජිනේරු ක්ෂේත‍්‍රයට පිවිසීමේ අවස්ථාව ශ‍්‍රී ලාංකිකයන්ට උදා විය.

මෙලෙස ඇරඹි පුහුණු මධ්‍යස්ථානය රටේ විවිධ ස්ථානවලට ගෙන යන ලද අතර අවසානයේදී සුදුසුම ස්ථානය ලෙස ගල්ගමුව තෝරා ගන්නා ලදුව 1959 ජනවාරි 1 වැනි දින පුහුණු මධ්‍යස්ථානය එහි පිහිටුවන ලදී. ආයතනයේ නම ද වරින් වර වෙනස් කරනු ලැබිණි. ප‍්‍රථම වෙනස  සලකුණු කරමින් වාරිමාර්ග පුහුණු මධ්‍යස්ථානය (ITC) තාක්ෂණික පුහුණු ආයතනය (TTI) බවට පත්වේ. 1974 සේවාස්ථ පුහුණු ආයතනය ලෙස නම වෙනස් කරන ලද අතර 1980 දී නිසි ඩිප්ලෝමා පුහුණු යළි ආරම්භ කරනු ලැබූ විට නම නැවතත් වාරිමාර්ග පුහුණු ආයතනය (ITI) ලෙස වෙනස් කරනු ලැබිණ.

ප්‍රධාන

පොදු වාරිමාර්ග පුහුණු ආයතනය, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව ප‍්‍රාදේහීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත. ගල්ගමුව නගරයේ සිට මීගලෑව පාර දෙසට කි. මී. 1.5 ක් පමණ ගමන් කළ විට වාරි මාර්ග පුහුණු ආයතනය වම්පස හමුවේ.

වර්තමානයේ වාරිමාර්ග පුහුණු ආයතනය ප‍්‍රධාන කාර්යාලයේ පුහුණු ශාඛාව යටතේ ක‍්‍රියාත්මක වේ. පුහුණු හා ධාරිතා සංවර්ධනය භාර වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පුහුණු ශාඛාවේ ප‍්‍රධානියා වේ. වාරිමාර්ග පුහුණු ආයතනයේ අධ්‍යක්ෂවරයා මෙම ආයතනයේ ප‍්‍රධානියා වන අතර ස්ථිර අද්‍යාපන කාර්ය මණ්ඩලය ඉංජිනේරුවන්ගෙන් හා සහකාර ඉංජිනේරුවන්ගෙන් සමන්විත වේ. මෙම ආයතනය මගින් ඩිප්ලෝමා අභ්‍යාසලාභීන්ට පුහුණු ක‍්‍රියාකාරකම් හා දේශන සැපයේ.

පහසුකම්

නවීන දේශන තාක්සණ හා උපකරණ සහිත දේශන ශාලා පහසුකම් වරකට 150 ට පමණ නේවාසික පහසුකම්, වරකට 100 ට පමණ ආහාර ගැනීමේ පහසුකම් මගින් වර්තමානයේ වාරිමාර්ග පුහුණු ආයතනය වැඩි දියුණු කරනු ලැබ ඇත. තවද වරකට 50 ට පරිගණක විද්‍යාගාර පහසුකම් හා ස්ථිර අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් නිල නිවාස වලින් සමන්විතය.

වාරිමාර්ග පුහුණු ආයතනයේ සේවා හා ප‍්‍රධාන කාර්යයන්

  • වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාව සඳහා වසර දෙකක පූර්ණකාලීන නේවාසික පාඨමාලාවක් පැවැත්වීම
  • විවිධ කාණ්ඩවලට අයත් වාරිමාර්ග නිලධාරීන් වෙනුවෙන්  සේවාස්ථ පුහුණු වැඩසටහන් මෙහෙයවීම
  • බාහිර පුද්ගලයන් වෙනුවෙන් රජයේ හා රජයේ නොවන නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම් මත කෙටි කාලීන පුහුණු වැඩසටහන් මෙහෙයවීම
  • ගොවීන් පුහුණු කිරීමේ වැඩසටහන් මෙහෙයවීම
  • ඉංජිනේරු සහකාරවරුන් වෙනුවෙන් ප‍්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම (JTE -  කනිෂ්ඨ තාක්ෂණික විභාගය, STE -  ජ්‍යෙෂ්ඨ තාක්ෂණික විභාගය)
  • උසස් ජාතික ඉංජිනේරු  ඩිප්ලෝමා හා විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් මිනුම් කඳවුරු මෙහෙයවීම
  • ප‍්‍රවාහ ක‍්‍රමාංකනය, සැලසුම් නිර්මාණය හා වාරිමාර්ග ක්ෂේත‍්‍රයට අදාලව උපදේශක සේවාව හා විශ්ව විද්‍යාලවල දේශන පැවැත්වීම පුහුණු ආයතනය භාර ගනී

වර්තමාන ක‍්‍රියාකාරකම් හා පුහුණු වැඩසටහන්

  • දැනට අභ්‍යාසලාභී සිසුන් කණ්ඩායම් තුනක් වාරිමාර්ග පුහුණු ආයතනයේ වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමා පූර්ණකාලීන නේවාසික පාඨමාලාව හදාරමින් සිටිති
    • 2011/2013 වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාව
      සිසුන් සංඛ්‍යාව -  65 (2011 පෙබරවාරි මස ආරම්භ කරන ලදී)
    • 2012 / 2014 A වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාව
      සිසුන් සංඛ්‍යාව - 32 (2011 නොවැම්බර් මස ආරම්භ කරන ලදී)
    • 2012 / 2014 B  වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාව
      සිසුන්  සංඛ්‍යාව - 90 (2012 ජුනි මස ආරම්භ කරන ලදී)

වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාව යටතේ ආවරණය කෙරෙන විෂයයන්

වා.ඉ.ඩි. 200 බිම් මැනුම හා තල මිතිය
වා.ඉ.ඩි. 201 සිවිල් ඉංජිනේරු ශිල්පය ඉදි කිරීම
වා.ඉ.ඩි. 202 ද්‍රව්‍ය වල ශක්තිය / ව්‍යුහයන්හි ශක්තිය / පාංශු ශිල්පය
වා.ඉ.ඩි. 203 වාරිමාර්ග හා ජලාපවහනය
වා.ඉ.ඩි. 204
සැලසුම් නිර්මාණ ක‍්‍රියාපටිපාටි / සැලසුම් / කෙටුම්පත් කිරීමේ ප‍්‍රමිති
වා.ඉ.ඩි. 205 තරල යන්ත‍්‍ර විද්‍යාව
වා.ඉ.ඩි. 206 ගණිතය / පරිගණක හා තොරතුරු තාක්ෂණය
වා.ඉ.ඩි. 207 ප‍්‍රමාණ සමීක්ෂණය / පිරිවැය ගණනය සඳහා දත්ත / ඇස්තමේන්තු සැකසීම
වා.ඉ.ඩි. 208 ජල කළමනාකරණය
වා.ඉ.ඩි. 209 ගිණුම් හා ගබඩා කළමනාකරණය
වා.ඉ.ඩි. 210 ඉංග‍්‍රීසි
  • In-service & other training programs conducted during year 2012

2012 වර්ෂය තුළදී මෙහෙයවන ලද සේවාස්ථ හා අනෙකුත් පුහුණු වැඩසටහන්, විභාග  හා වැඩමුළු

අංකය වැඩසටහන් විස්තරය සහභාගි වන්නන් සංඛ්‍යාව කාලසීමාව (දින)
01 නව පාංශ පරීක්ෂකවරුන් හා විදීම් සහායකයන් සඳහා පුහුණුව 33 05
02 ජ්‍යෙෂ්ඨ තාක්ෂණික විභාගය - 2011 (ප‍්‍රායෝගික) 07 04
03 ජාතික තාක්ෂණ ඩිප්ලෝමා සුදුසුකම් ලත් අභ්‍යාසලාභී EAA වෙනුවෙන් ප‍්‍රායෝගික පරීක්ෂණය 35 02
04 වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අළුතින් බඳවාගත් ඉංජිනේරු සහකාරවරුන් වෙනුවෙන් පුහුණුව 13 07
05 ජ්‍යෙෂ්ඨ තාක්ෂණික විභාගය - 2012 (ප‍්‍රායෝගික) 09 04
06 සිවිල් ඉංජිනේරු ද්‍රව්‍ය සමීක්ෂණය සඳහා විවෘත මූලාශ‍්‍ර යෙදවුම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 22 01
07 උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා (සිවිල්) සිසුන් වෙනුවෙන් මිනුම් කඳවුර 66 13
08 ජාතික තාක්ෂණික ඩිප්ලෝමා ශ්‍රේණිගත කිරීමේ විභාගය - 2012 02 02
09 ජ්‍යෙෂ්ඨ තාක්ෂණික විභාගය 14 04
10 වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අළුතින් බඳවාගත් ඉංජිනේරුවරුන් වෙනුවෙන් පේ‍්‍රරණ වැඩසටහන 19 04
11 නව කණ්ඩායම (වාරි මාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාව) 84 03
12 වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සිවිල් ඉංජිනේරු ද්‍රව්‍ය සමීක්ෂකවරුන් වෙනුවෙන් පුහුණු වැඩසටහන 20 05
13 ලෝ. ආ. සං.සහාය ලබන IIALD ව්‍යාපෘතියේ තාක්ෂණ නිලධාරීන් වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වාරි කර්මාන්ත විමර්ශනය, සැලසුම් කිරීම හා ඉදිකිරීම පිළිබඳ පුහුණු වැඩසටහන 25 04
14 වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අළුතින් බඳවාගත් ක්ෂේත‍්‍ර සහකාරවරුන් වෙනුවෙන් පේ‍්‍රරණ පුහුණු වැඩසටහන 55 02
15 කණිෂ්ඨ තාක්ෂණික විභාගය 18 04
16 කණිෂ්ඨ තාක්ෂණික විභාගය 18 04
17 NDT / HNDE / NDES සුදුසුකම් ලත් අභ්‍යාසලාභීන් EAA වෙනුවෙන් ප‍්‍රායෝගික විභාගය - 2012 06 04
18 කණිෂ්ඨ තාක්ෂණික විභාගය II කොටස 36 04
19 SOKKIA - CX - 102 Total station පිළිබඳ හඳුන්වාදීමේ පුහුණුව 19 01
20 කණිෂ්ඨ තාක්ෂණික විභාගය 03 02
21 ජල විද්‍යාත්මක සහකාරවරුන් වෙනුවෙන් ARC - G 15 ජල විද්‍යාත්මක ක්ෂේත‍්‍ර සහකාරවරුන් වෙනුවෙන් Total Station හා ඇස්තමේන්තු සැකසීම 17 03
22 සම පුහුණුකරුැවන්, පුහුණු කිරීම් සම්බන්ධීකාරකවරුන් පුහුණු කිරීම 38 02
23 ජ්‍යෙෂ්ඨ තාක්ෂණික විභාගය වෙනුවෙන් සංස්කරණ පාඨමාලාව 17 05
24 උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා මිනුම් කඳවුර - 2012 73 15

පුහුණු දින දර්ශනය බාගත කර බලන්න

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 28 වෙනි අඟහරුවාදා, 08:22  







නවතම පුවත්

Inundation Maps & Hydrological Annual

සිතියම් සදහා Downloads => Flood Data වෙත යොමුවෙන්න. Hydrological Annual සදහ...

Act. DA Appointment, EAA transfers & Appeal -2018

Details => Download=>Annual transfers

කතුහිමිකම © 2017 වාරිමාර්ග දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 04-12-2017.