අරමුණු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අනෙකුත් ආශ්‍රිත නීති හා රෙගුලාසි වෙතින් පවරා ඇති බලතල අනුව, දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරී ලෙස වගකිම් ඉටු කිරීමේදී දෙපාර්තමේන්තු ප්‍රධානියාට සහාය වීම.
කාර්යයන්
- මූල්‍ය සැලස්ම සකස් කොට ක්‍රියාත්මක කිරිම
- ආදායම් ඇස්තමේන්තුව, අත්තිකාරම් ගිණුම් හා පරිපූරක ඇස්තමේන්තු කලට වේලාවට බාරදිම සහතික කිරිම.
- මූල්‍ය පුරෝකථනය සමාලෝචනය කිරිම හා මූල්‍ය කළමනාකරණය සඵලදායක ලෙස ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම.
- විමධ්‍යගත ඒකකවල අයවැය ප්‍රතිපාදන හා මුදල් අග්‍රිම වෙන් කිරීම සහ අනෙකුත් ක්‍රියාත්මක කිරීමේ ඒකක වෙත මුදල් වෙන්කර දීම.
- මුදල් රෙගුලාසි අනුව මූල්‍යමය කරුණු පිළිබඳ බලාධිකාරිය පැවැරීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු ප්‍රධානියාට සහාය වීම.
- ගිණුම්කරණ හා මූල්‍ය කරුණු සම්බන්ධයෙන් කලාපීය කාර්යාල 14 හා කොට්ඨාශ කාර්යාල 51 ඇතුළුව, මූල්‍ය අංශය මෙහෙයවීම හා පොදු අධීක්ෂණය.
- ආදායම් හා අනෙකුත් ලැබිය යුතු මුදල් රැස් කර ගැනීම හා රජයේ අරමුදල් විය පැහැදුම් ගෙවීම සඳහා පද්ධති ස්ථාපිත කිරීම.
- නිල බැංකු ගිණුම් අධීක්ෂණය සහ කඩිනම් සැසඳුම් සහ පසුවිපරම් ක්‍රියාමාර්ග ගැනීම සහතික කිරිම
- මූල්‍ය ගනුදෙනු අදාළ ලේඛනවල වාර්තා කිරීම සහතික කිරිම
- නියම කර ඇති පරිදි මාසික, කාර්තු හා වාරික මූල්‍ය වාර්තා අදාළ බලධාරීන් වෙත ලබා දීම
අංශ ප්‍රධානී
ජී.ඒ. ඉන්ද්‍රාණි ලේල්වල මිය
ප්‍රධාන මූල්‍ය නිලධාරී+94 112 588 329
+94 710 318 694 / +94 773 047 367
+94 112 588 329