ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරවන ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන යෝජිත බස්නාගොඩ ජලාශය ඉදිකිරීමේ වගකීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. මෙමගින් ගම්පහ දිස්ත්‍රික්කය තුල දෙලක්ෂ පනස්දහසක පමණ ජනගහනයකට පානීය ජලය නළ මගින් සැපයීම ඉලක්කගත කර ඇත.
ජලාශ ව්‍යාපෘති ප්‍රදේශය ගම්පහ දිස්ත්‍රික්කය හා කෑගල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි (පිළිවෙලින්) අත්තනගල්ල හා රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල පිහිටි ග්‍රාම නිලධාරි වසම් හයක් පුරා විහිදී ඇත. යෝජිත ජලාශයේ ප්‍රධාන වේල්ල අත්තනගලු ඔයේ අතු ගංගාවක් වන බස්නාගොඩ ඔය හරහා කරස්නාගොඩ ග්‍රාමයේදී ඉදිකිරීමට නියමිතය.
ව්‍යාපෘතිය සඳහා යන වියදම රුපියල් බිලියන 2.347ක් ලෙස ගණන් බලා ඇති අතර ඉදිකිරීම් ව්‍යාපෘති කල සීමාව මාස 18ක් ලෙස සැළසුම් කර ඇත.
ව්‍යාපෘති යෝජක | වාරිමාර්ග අමාත්‍යාංශය |
ක්‍රියාත්මක කරන ආයතනය | වාරිමාර්ග දෙපාර්තමේන්තුව |
අරමුදල් සැපයීම | ජල සම්පාදන අමාත්‍යාංශය |
කොන්ත්‍රාත්කරු | සයිනෝ හයිඩ්‍රෝ සමාගම |
තාක්ෂණික දත්ත
වේල්ල | |
භූගෝලීය ඛණ්ඩාංක | වම් ඉවුර නැ134153 උ212274 |
උපරිම උස | 20.3 m |
මුදුනෙහි දිග | 136.5 m |
මුදුනෙහි පළල | 5 m |
වර්ගය | C20 කොන්ක්‍රීට් ගුරුත්ව වේල්ල |
ජලාශය | |
ධාරිතාව | 5.51 MCM |
පෝෂක ප්‍රදේශය | 37.6 km2 |
උපරිම සැපයුම් මට්ටමේදී යටවන ප්‍රදේශය | 65 Ha |
උපරිම ගංවතුර මට්ටමේදී යටවන ප්‍රදේශය | 76 Ha |
උපරිම සැපයුම් මට්ටම | 45.73 MSL |
වේල්ලේ මුදුන් මට්ටම | 48.74 MSL |
උපරිම ගංවතුර මට්ටම | 46.90 MSL |
අවම මෙහෙයුම් මට්ටම | 34.00 MSL |
ජලාශ පතුලේ අවම මට්ටම | 28.18 MSL |
පිටවාන | |
අරීය ගේට්ටු විශාලත්වය | 3.29 m x 6.0 m |
ගේට්ටු සංඛ්‍යාව | 3 |
Weir Type | WES Weir |
විමසීම්
ව්‍යාපෘති අධ්‍යක්ෂක
කලාප සිතියම
පින්තූර ගැලරිය