ඉඩම් හා නීති අංශය

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පරිහරණය කරනු ලබන රජයට අයත්  වාරිමාර්ග වැඩ සඳහා වෙන් කළ බිම්, ඉඩම් සහ ගොඩනැගිලි විවිධ පාර්ශව විසින් අනවසරයෙන් අල්ලා ගැනීම් සහ භාවිතයට ගැනීම් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මෙම අංශය භෞතික සම්පත් කළමණාකරන අංශය යටතේ ඉඩම් ඒකකය නමින් වෙනම ඒකකයක් ලෙස 2011 වර්ෂයේදී පිහිටුවන  ලදී.

මෙම ඉඩම් ඒකකය මගින්  ඉහත දැක්වූ අනවසර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්  සිදු කෙරෙන බොහෝමයක් කාර්යයන් අවසානයේදී නෛතික ක්‍රියාමාර්ග හා සම්බන්ධ වේ. එබැවින්, මුල් අවධියේදී අමාත්‍යාංශයේ නීති නිලධාරීගේ සහාය ද ලබා ගනිමින් මෙම ඒකකය ක්‍රියාත්මක වී ඇති අතර, මෙම ඒකකය මගින් නීති කෘත්‍යයන්ට අදාල කාර්යයන් ද ඉටු කළ බැවින් මෙය 2013 වර්ෂයේදී ඉඩම් හා නීති අංශය  ලෙස නම් කරන ලදී.

ඉඩම් හා නීති අංශය මගින් වර්තමානයේ දී ඉටු කරනු ලබන මූලික කාර්‍යයන් පහත දැක්වේ.

  1. වාරිමාර්ග  ව්‍යාපාර, ගං වතුර ආරක්ෂණ ව්‍යාපාර සහ වෙනත් විවිධ වාරිමාර්ග වැඩ සදහා වෙන් කළ බිම් අනවසර අල්ලා ගැනීම්  හා භාවිත කිරීම් වලින් ආරක්ෂා කර ගැනීම සදහා වාරිමාර්ග ආඥාපනත යටතේ සහ රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනත යටතේ කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරුන් හා ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරුන් සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කිරීම.
  2. වාරිමාර්ග දෙපාර්තමේන්තුව  පරිහරණය කරනු ලබන ඉඩම් අනවසර අල්ලා ගැනීම් හා භාවිත කිරීම් වැලැක්වීම සදහා  රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනත යටතේ කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරුන් හා ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරුන් සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කිරීම.
  1. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පරිහරණය කරනු ලබන ගොඩනැගිලි අනවසර කරුවන් විසින් අල්ලා ගැනීම හා භාවිත කිරීම් වලින් වැලැක්වීම සඳහා රජයේ නිවාස (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනත යටතේ කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරුන් සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කිරීම.
  1. ඇතැම් පරිපාලන  කටයුතු සහ හදිසි අනතුරු සම්බන්ධයෙන් වන  නීති කෘතයන් හිදී ඉල්ලීම් සිඳු කෙරෙන අවස්ථාවන්හිදී අවශ්‍ය නීති සහාය ලබා දීම.
  2. ඉහත නීති කෘත්‍යයන්ට අදාළ අවශ්‍යය අවස්ථාවන්හි දී නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය වෙමින් කටයුතු කිරීම.
  3. ගංඟා, වැව්, ඇළ මාර්ග සහ එවැනි වෙනත් ජල ප්‍රභවයන් ආශ්‍රිතව විවිධ සංවර්ධන කාර්යයන් බාහිර පාර්ශ්වයන් විසින් සිදු කිරීමේදී අදාළ නිර්දේශ ලබා දීම.
  4. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පරිහරණය කරනු ලබන රජයේ ඉඩම් වෙනත්  පාර්ශව වෙත නිදහස් කිරීම සම්බන්ධයෙන්  නිර්දේශ ලබා දීම.
  5. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දැනට පරිහරණය කරන ලබන රජයේ ඉඩම් දෙපාර්තමේන්තුව වෙත විධිමත්ව පවරා ගැනීම සදහා කටයුතු කිරීම.
  6. දෙපාර්තමේන්තු කාර්යයන් සඳහා ඉඩම් අත්පත් කර ගැනීම.
  7.  2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනතට අදාළව යොමුවන තොරතුරු ඉල්ලීම් සම්බන්ධයෙන් තොරතුරු නිලධාරී / නම් කළ නිලධාරීට අදාළ කටයුතු ඉටු කිරීම.
  1. 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පනත යටතේ එම කොමිසම වෙත ඉදිරිපත් වන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙම අංශයට අදාළ වන විමසීම් සම්බන්ධයෙන්  තොරතුරු ඉදිරිපත් කිරීම.
  2. වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් වන මෙම අංශයට අදාළ වන විමසීම් සම්බන්ධයෙන් පිළිතුරු ඉදිරිපත් කිරීම.

ඉඩම් හා නීති අංශය වර්තමානයේදී  අතිරේක වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්  (ක්‍රම  කළමනාකරණ) ගේ මඟ පෙන්වීම යටතේ අධ්‍යක්ෂ (භෞතික සම්පත් කළමනාකරණ) ගේ  අධීක්ෂණය  සහිතව  ප්‍රධාන  ඉංජිනේරු (ඉඩම් හා නීති) යටතේ  ක්‍රියාත්මක වේ. මෙම අංශය සඳහා 2022 වර්ෂයේ සිට නීති නිලධාරියකු ද  අනුයුක්තව සේවය කරනු ලැබේ.

 අංශ ප්‍රධානී

Dm Women
 
ඉංජි. කේ. ටුෂාරා නිමාලි පෙරේරා (ප්‍රධාන ඉංජිනේරු - ඉඩම් හා නීති)
 
+94-11-2
+94-71-8505807
+94-11-2
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.