අරමුණු

ව්‍යාපෘති සැලසුම් සහ නිර්මාණ ඒකකයේ විෂය පථය වනුයේ ජල සම්පත් සංවර්ධනය සඳහා වන නව යෝජනා හඳුනා ගැනීම සහ ජල සම්පත්වල උපරිම ප්‍රතිලාභ ප්‍රජාවට සැපයීම මගින් ඒවායේ විභව්‍යය බහු විධ භාවිතයේ ශක්‍යතාව පරීක්ෂා කිරීමයි. මෙම ක්‍රියාදාමයේදී, ව්‍යාපෘති සැලසුම් අංශය අනාගත අවශ්‍යතා සැලකිල්ලට ගැනීම මගින් කෘෂිකාර්මික, කාර්මික සහ ගෘහස්ථ අංශවල ඉල්ලුම සපුරාලීමේ ප්‍රධාන අරමුණ කෙරෙහි අවධානය යොමු කිරීම මගින් සිය විෂයපථය තුළ නව ව්‍යාපෘති යෝජනා සැලසුම් කිරීමේ සහ සම්පාදනය කිරීමේ නිරත වෙයි.

කාර්යයන්

  • ජල සම්පත් සංවර්ධන නව ව්‍යාපෘති සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයන සහ ශක්‍යයතා අධ්‍යයන සිදුකිරිම.
  • හඳුනාගත් ව්‍යාපෘතිවල ජල සම්පත් විශ්ලේෂණය
  • ප්‍රධාන වාරි ජල සම්පාදන, ජල විදුලි, ජල ගැලීම් පාලන සහ ගොඩකිරීම් ව්‍යාපෘතිවල, ව්‍යාපෘති සම්පාදනය සහ විස්තරාත්මක නිර්මාණ සැකසීම.
  • ප්‍රධාන ව්‍යාපෘති යටතේ මූලස්ථායි වැඩ සහ ඇල පද්ධති සඳහා ඉදිකිරීම් සැලැස්ම නිර්මාණය කිරීම සහ පිළියෙළ කිරීම.
  • වාරිමාර්ග දෙපාර්තමේන්තු ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාදාමය සඳහා පාරිසරික බලපෑම් ඇගයීම් කණ්ඩායම් සමඟ සම්බන්ධීකරණය සහ යොමුකිරීම් අනුදේශ සකස් කිරීම
  • අනෙකුත් නියෝජිතායතන සඳහා ඔවුන්ගේ ඉල්ලීම මත උපදේශන සේවා සැපයීම
  • ව්‍යාපෘති කළමනාකරණ සැලසුම් සකස් කිරිම