අරමුණු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අනෙකුත් ආශ්‍රිත නීති හා රෙගුලාසි වෙතින් පවරා ඇති බලතල අනුව, දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරී ලෙස වගකිම් ඉටු කිරීමේදී දෙපාර්තමේන්තු ප්‍රධානියාට සහාය වීම.

කාර්යයන්

  • මූල්‍ය සැලස්ම සකස් කොට ක්‍රියාත්මක කිරිම
  • ආදායම් ඇස්තමේන්තුව, අත්තිකාරම් ගිණුම් හා පරිපූරක ඇස්තමේන්තු කලට වේලාවට බාරදිම සහතික කිරිම.
  • මූල්‍ය පුරෝකථනය සමාලෝචනය කිරිම හා මූල්‍ය කළමනාකරණය සඵලදායක ලෙස ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම.
  • විමධ්‍යගත ඒකකවල අයවැය ප්‍රතිපාදන හා මුදල් අග්‍රිම වෙන් කිරීම සහ අනෙකුත් ක්‍රියාත්මක කිරීමේ ඒකක වෙත මුදල් වෙන්කර දීම.
  • මුදල් රෙගුලාසි අනුව මූල්‍යමය කරුණු පිළිබඳ බලාධිකාරිය පැවැරීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු ප්‍රධානියාට සහාය වීම.
  • ගිණුම්කරණ හා මූල්‍ය කරුණු සම්බන්ධයෙන් කලාපීය කාර්යාල 14 හා කොට්ඨාශ කාර්යාල 51 ඇතුළුව, මූල්‍ය අංශය මෙහෙයවීම හා පොදු අධීක්ෂණය.
  • ආදායම් හා අනෙකුත් ලැබිය යුතු මුදල් රැස් කර ගැනීම හා රජයේ අරමුදල් විය පැහැදුම් ගෙවීම සඳහා පද්ධති ස්ථාපිත කිරීම.
  • නිල බැංකු ගිණුම් අධීක්ෂණය සහ කඩිනම් සැසඳුම් සහ පසුවිපරම් ක්‍රියාමාර්ග ගැනීම සහතික කිරිම
  • මූල්‍ය ගනුදෙනු අදාළ ලේඛනවල වාර්තා කිරීම සහතික කිරිම
  • නියම කර ඇති පරිදි මාසික, කාර්තු හා වාරික මූල්‍ය වාර්තා අදාළ බලධාරීන් වෙත ලබා දීම