Kandy Directors Officeමහනුවර වාරිමාර්ග කලාපය පරිපාලන දිස්ත්‍රික්ක හතරකින් සමන්විත වේ. එනම් මහනුවර, මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්ක සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කොටසකි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කටයුතු කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශ පහකට බෙදා පාලනය කෙරේ. මෙම එක් වාරිමාර්ග කොට්ඨාශයක් මහනුවර, මාතලේ, නුවරඑළිය, දඹුල්ල සහ මිනිපේ ලෙස නම් කර ඇති අතර මෙම සෑම කොට්ඨාශයක් ම කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ, ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවෙකු සහ තාක්ෂණික කාර්ය මණ්ඩලය විසින් පාලනය කරනු ලැබේ. මෙම එක් වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශයක් තවදුරටත් වාරිමාර්ග ඒකක කිහිපයකට බෙදා ඇති අතර ඒ මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදු කරමින් ගොවි ජනතාවට කාර්යක්ෂම සහ ඵලදායී ලෙස සේවාවක් ලබා දේ

මෙම වාරිමාර්ග කලාපයේ සම්පූර්ණ වාරිමාර්ග භූමි ප්‍රමාණය අක්කර.... සහ එය වාරිමාර්ග ව්‍යාපාර 20කින් සමන්විත වේ.

අංශ ප්‍රධානි

(ඉංජිනේරු) සුදත් ගමගේ මහතා
වාරිමාර්ග අධ්‍යක්ෂ
වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය,
වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
කුණ්ඩසාලේ.
+94 812 420 491
+94 712 159 757
+94 812 420 613
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කලාප සිතියම

Ampara Region Map