යෝජිත සංවර්ධන සැලැස්මට ප්‍රධාන වශයෙන් නව වැව් දෙකක් ඉදිකිරීම ඇතුලත් වේ. වත්තේගෙදර සහ දොඩංගොල්ල වැව් පිළිවෙලින් ඝන මීටර් මිලියන 1.3 සහ ඝ.මී. මිලියන 2.4 ධාරිතාවන්ගෙන් යුක්ත වේ. දැනට පවතින හිඹිලියාකඩ වැව ඝ.මී. මිලියන 2.1 සිට ඝ.මී.මිලියන 2.46 දක්වා වැඩි කිරීම සහ කළුගඟේ ජලය, ජලාශ ව්‍යාපෘති ප්‍රදේශයට හැරවීම සඳහා කි.මී.1.8ක් දිග උමං මාර්ගයක් ඉදිකිරීමද එයට ඇතුළත්ය. මීට අමතරව උමගෙහි පිටවුමේ (බිහිදොරේ) සිට වත්තේ ගෙදර සහ හිඹිලියාකඩ වැව් දක්වා පෝෂක ඇළ ඉදිකිරීමද, වත්තේගෙදර සහ දොඩංගොඩ වැව් සම්බන්ධ කරන සම්බන්ධක ඇළ මාර්ගයක් ඉදි කිරීම මෙම ජලාශ ව්‍යාපෘතියේ කැපී පෙනෙන ලක්ෂණ වේ. ඊට අමතරව මයිලපිටිය වැව සහ එහි එල්ලංගා පද්ධතියට ජලය සැපයීම සඳහා ඇළක්ද ඉදි කිරීමට නියමිත අතර එය විශේෂයෙන්ම නව සංවර්ධන ප්‍රදේශවල වාරිමාර්ග පද්ධතියක් ඉදිකිරීමට සහ පවතින වාරිමාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමටද සැලසුම් කර ඇත.

නව වැව් දෙකක් ඉදිකිරීමට සහ හිඹිලියාකඩ වැව විශාල කිරීම මගින් දැනට පවතින ඉඩම් අක්කර 1300කට සහ නව ඉඩම් අක්කර 1010කට වාරි පහසුකම් සැලසීමට නියමිතය. දැනට පවතින ඉඩම්වල ඇති භෝග/වගා තීව්‍රරතා අගය 1.0 සිට 2.0 දක්වා වැඩි කිරීමට (කන්න දෙකෙහිම වගා කිරීම) සහ නව ඉඩම්වල භෝග/වගා තීව්‍රරතා අගය 2.0 මට්ටමෙන් පවත්වා ගනිමින් කන්න දෙක සඳහාම වගා කිරීමට අතුරු බෝග හඳුන්වා දීමටද නියමිතය.

විමසීම්

(ඉංජිනේරු) ඩී.එම්.ටී.එස්. දිසානායක
ප්‍රධාන නේවාසික ඉංජිනේරු - HIIIP
ප්‍රධාන නේවාසික ඉංජිනේරු කාර්යාලය,
ගංගාසිරිගම,
පේරකනත්ත.
+94 663 142 077
+94 777 956 552
 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

පින්තූර ගැලරිය