කුඩාවිලච්චිය වැව විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ පිහිටි ඉපැරණි අතහැර දැමූ වැවකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල වැව පිහිටා ඇත.
දැනට කි. මී.255ක් පමණ දිග විශාල පස් බැම්මක නටඹුන් දක්නට ලැබේ. එම බැම්මේ උපරිම උස මී.12.6ක් පමණ වන අතර, ස්ථාන හතකින් කැඩීගොස් ඇත. වැවේ ප්‍රධාන පෝෂක ජල ප්‍රවාහය වන වැලි ඇළ ප්‍රදේශයෙන් එම බැම්ම ප්‍රධාන කැඩීයාම සිදු වී ඇත. මෙම පස් බැම්මට අමතරව පසුගිය කාලයේ නිධන් සොරුන් විසින් විනාශ කරන ලද, ගල් පුවරුවලින් ඉදිකරන ලද බිසෝකොටු දෙකක නටබුන්ද දක්නට ලැබේ. පිටවාන ඉදිකර ඇත්තේ මනාලෙස සකසන ලද සක්කගල් වලිනි. පෞරාණික රළපනාව වේල්ලේ උඩුගං මුහුණත දිගේ දක්නට ලැබේ. මෙම රළපනාවද සෑදී ඇත්තේ වේල්ල දිගේ ආසන්න වශයෙන් තිරස් ස්ථිරවල ඇති සෘජුකෝණාස්රගාර හැඩයට මනාලෙස සකසන ලද පාෂාණවලිනි. මෙම බැම්මෙහි තවත් කැපී පෙනෙන ලක්ෂණයක් නම් බැම්මේ උඩුගං මුහුණතෙහි ගැටියක් ආකාරයෙන් සාදන ලද තිරස් ස්ථර දෙකකින් යුත් රළපනාව ආරක්ෂාවයි.
ඉතිහාසඥයන්ට අනුව මෙම වැව ඉදිකර ඇත්තේ මහා වැව් තනවන්නකු වශයෙන් ප්‍රචලිත වසභ රජු විසිනි යැයි අනුමාන කරන අතර, ප්‍රදේශය අවට පැරණි ගොවීන් විසින් ගෙන යන තවත් ජනප්‍රවාදයක් වන්නේ මෙම වැව, දුටුගැමුණු මහා රජුගේ පුත් සාලිය කුමරුගේ බිසව වූ අශෝකමාලා කුමරියගේ නිර්මාණයක් බවයි. නමුත් මෙම ජනප්‍රවාද එකවත් සාක්ෂි නොමැත.
අතහැර දමා ඇති මෙම ඵෙතිහාසික ජාලශය තවත් වසර සිය ගණනකට එම ඓතිහාසික වටිනාකම එලෙසම තබා ගනිමින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිසංස්කරණය කිරීමට සලැසුම් කර ඇත. මෙම ප්‍රතිෂ්ඨාපනය තුල පහත සඳහන් සංරචක වැදගත් වේ.
බැම්ම
විස්තීඍණ පුරාවිද්‍යා බලපෑම් තක්සේරුවේ (AIA) නිර්දේශ මත පස් බැම්ම ප්‍රතිසංස්කරණය කෙරේ. බැම්මේ උපරිම උස මී.12.6කි. පස් බැම්මේ උඩුගං මුහුණතේ බෑවුම 3:1 වන අතර, පහළ බෑවුම 2:5:1 වේ. වේල්ල උඩුගං මුහුණතෙහි රළපනාවකින් ආරක්ෂා කරනු ලබන අතර පහළට බෑවුම පිඩලි ඇල්ලීම මගින් ආරක්ෂා කරනු ලැබේ. ඉපැරණි බැම්මේ වැදගත් අංග වන කපා සකසන ලද කළුගල් පුවරු වලින් යුත් රළපනාව, බිසෝකොටුව සහ පිටවාන සමඟ සංරක්ෂණය කිරීමට සැලසුම් කර ඇත.
පෝෂක ඇළ
මහ විලච්චිය වැව වෙනුවට කුඩා විලච්චිය වැවෙන් සෘජුවම හෙක්ටයාර 320ක් පෝෂණය කිරීම සඳහා, මහ විලච්චිය වම් ඉවුර ප්‍රධාන ඇලේ පිහිටි සදා සරණ වැව දක්වා කි.මී.3.50ක් දිග පෝෂක ඇළක් ඉදිකෙරේ. මෙම ඇළ ආරම්භයේ සිට මී.400ක් පමණ ගැඹුරට කැපූ කොටසක් ඇති අතර, වන සතුන් ඇළට වැටීමෙන් වැළකීම සඳහා කැපුම් සහ ආවරණ කොටසක් ලෙස මෙම කොටස නිර්මාණය කර ඇත. යෝජිත ජලාශයේ පිහිටීමෙහි සම්පූර්ණ ජල පෝෂක ප්‍රදේශය වර්ග කි.මී.184ක් පමණ වන බව නිර්මාණය කර ඇත.
ව්‍යාපෘති විස්තර |
|
භූගෝලීය ඛණ්ඩාංග |
360734E, 131689N |
උපරිම සැපයුම් මට්ටම |
54.05m MSL |
උපරිම ගංවතුර මට්ටම |
54.66 m MSL |
වේල්ලේ ගංවතුර මට්ටම |
|
සොරොව්වේ පතුල් මට්ටම |
50.90 m MSL |
මුළු ධාරිතාව |
|
අවම සැපයුම් මට්ටමේදී ධාරිතාව |
|
ව්‍යාපෘති ඇස්තමේන්තුව |
Rs. 6000 Millions |
වේල්ල |
|
මුදුනෙහි දිග |
2.6 Km |
මුදුනෙහි පළල |
5 m |
උපරිම උස |
12.6 m |
උඩුගං බෑවුම |
1 on 3 |
යටිගඟ බෑවුම |
1 on 2.5 |
රළපනාව ඝනකම |
600 mm |
සක්කගලක ප්‍රමාණය (සාමාන්‍ය) |
220 – 450 |
පිටවාන |
|
වර්ගය |
Radial Gated |
ගේට්ටු ගණන |
|
අරිය ගේට්ටුවල විශාලත්වය |
6.0 m x 3.05 m |
මගී හැඩයේ මුදුන මට්ටම |
51.00m MSL |
Minimum discharge |
491.75 m3/sec |
සොරොව්ව |
|
වර්ගය |
කොන්ක්‍රීට් කුළුණ |
පතුල මට්ටම |
50.90m MSL |
ගේට්ටුවේ විශාලත්වය |
1.05 m x 1.45 m |
සැලසුම් සැපයුම |
1.2 m3/sec |
ප්රතිලාභ
- මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල 25,000ක ජනගහනයකට පානීය ජලය සැපයීම
- මහවිලචිචිය මහවාරිමාර්ග ව්‍යාපාරයෙහි වගා තීවෘතාවය 1.57 සිට 2.0දක්වා වැඩි කිරීම
- විල්පත්තු ජාතිකවනෝද්‍යානයේ වන සතුන් සඳහා ජල මූලාශ්‍රයක් ලෙස යොදා ගැනීම
- විල්පත්තු ජාතික වනෝද්‍යානය හරහා ගලා බසින මෝදරගම්ආරු ගංගාවේ පාරිසරික ජල ප්‍රවාහය තහවුරු කිරීම, මෙමගින් වක්‍රලෙස භූගත ජල මට්ටම නගා සිටුවීමට අපේක්ෂා කෙරේ
- ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කිරීම
- අලි මිනිස් ගැටුම් අවම වීම
- සංචාරක කර්මාන්තයේ විභවයන් ඉහල දැමීම
විමසීම්
ප්‍රධාන නේවාසික ඉංජිනේරු