අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කය අනුරාධපුර වාරිමාර්ග කලාපයට අයත් වේ. මෙම කලාපය තුළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කටයුතු කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ වාරිමාර්ග කොට්ඨාශ පහකට බෙදා පාලනය කෙරේ. මෙම වාරිමාර්ග කොට්ඨාශ අනුරාධපුර, නාච්චදූව, රාජාංගනය, පදවිය හා හුරුළුවැව වශයෙන් නම්කර ඇති අතර සෑම කොට්ඨාශයක් සඳහාම වාරිමාර්ග ඉංජිනේරුවරයකුගේ පරිපාලනය යටතේ තාක්ෂණික කාර්යය මණ්ඩලයක් මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කාර්යභාරයක් සිදු කරනු ලැබේ. තවද මෙම එක් වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශයක් වාරිමාර්ග වැඩ ඒකක කිහිපයකට බෙදා ඇති අතර එමගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදු කරමින් ගොවි ජනතාව වෙත කාර්යෂම වූත් ඵලදායී වූත් සේවාවක් ලබා දේ.
මෙම කලාපය තුළ සමස්ථ වාරිමාර්ග පහසුකම් සපයන භූමි ප්‍රමාණය අක්කර 92,859ක් වන අතර, මෙය ප්‍රධාන හා මධ්‍ය ප්‍රමාණයේ වාරිමාර්ග පද්ධති 98කින් සමන්විත වේ.
වාරිමාර්ග පද්ධති ලැයිස්තුව
අංශ ප්‍රධානි
වාරිමාර්ග අධ්‍යක්ෂ
වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
අනුරාධපුර.
පින්තූර ගැලරිය