වැඩපොදු

 

  • ප්‍රධාන කාර්යාලය මගින් කළමනාකරණය සිදු කෙරෙන වාරිමාර්ග කලාපයන්හි පිහිටා ඇති ක්ෂේත්‍ර බංගලාවන් වෙන් කර දීම.
  • දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර සන්නිවේදන පද්ධතිය යාවත්කාලීන කිරීම, නඩත්තු සහ දෝෂ නිරාකරණය සිදු කිරීම මෙන්ම දුරකථන නාමාවලිය යාවත්කාලීන කර පවත්වාගෙන යාම.
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිල වාහන සහ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පෞද්ගලික වාහන ගාල් කර තැබීම සඳහා ඉඩ පහසුකම් සලසා දීම.
  • දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය සහ භූමි පරිශ්‍රය ආයතනයේ සුභසාධක සංගම් සහ වෙනත් කාලීන අවශ්‍යතා මත සිදු කිරීමට අපේක්ෂිත සාමාජීය අවශ්‍යතා සහ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය අනුමැතිය සහ පහසුකම් ලබා දීම.
  • දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ ඇති ඉඩ පහසුකම් අවශ්‍ය පරිදි නැවත ප්‍රතිව්‍යුහගත කර දීම සහ ඉඩකඩ වෙන් කිරීම් සිදු කර ලබා දීම.
  • කාර්තුවකට වරක් බැගින් පවත්වන ලබන අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම් සංවිධානය, අවශ්‍ය පහසුකම් සලසා දීම මෙන්ම රැස්වීමේ වාර්තා පොත් සහ රැස්වීම් වාර්තා සුරක්ෂිත කර තබා ගැනීම.
  • මෙම අංශයේ ප්‍රධාන කාර්යක් ලෙස පවරා නොමැති කාර්යයන් වෙනත් අංශයන්හි විවිධ අවශ්‍යතා, පාර්ලිමේන්තු උපදේශක කමිටු, මහජන පෙත්සම් සහ දෙපාර්තමේන්තු විශේෂ අවශ්‍යතා සඳහා කමිටු සහ කාරක සභා පත් කිරීම.
  • දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය, Lot 34 කලාපය සහ රත්මලාන නිල නිවාස සංකීර්ණය සඳහා අවශ්‍ය ඉදිකිරීම්, නඩත්තු කටයුතු සහ සංවර්ධන කටයුතු සිදු කිරීම.

 

ගොඩනැගිලි සහ ගොඩනැගිලි සේවා

 

  • වාස්තු විද්‍යත්මක සැලසුම් හා නිර්මාණ ආරක්ෂාවන පරිදි දෙපාර්තමේන්තු ගොඩනැගිලි නවීකරණය සහ අලුත්වැඩියාව සිදු කිරීම.
  • නව ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු සිදු කිරීම.
  • පවත්නා ගොඩනැගිලි තුල ඇති ඉඩකඩ වැඩි කර දීම.
  • දෙපාර්තමේන්තු ගොඩනැගිලි තුල පවත්නා විදුලි පද්ධතියේ අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සිදු කිරීම මෙන්ම විදුලි පිරිවැය අවම වන උපාංග සපයා සවි කර දීම.
  • ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ඝණ අප ද්‍රව්‍ය කළමනාකරණය සිදු කිරීම.
  • ජල සැපයුම් පද්ධතිය, කාණු පද්ධතිය සහ අප ජලය බැහැරවන පද්ධතීන් නඩත්තුව හා අලුත්වැඩියාව.
  • ප්‍රධාන කාර්යාල පරිශ්‍රය හා Lot 34 පරිශ්‍රයන් තුල උද්‍යාන අලංකරණය සිදු කිරීම.
  • ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුල අභ්‍යන්තර මාර්ග පද්ධතිය නඩත්තු කිරීම.
  • දෙපාර්තමේන්තු භෝජනාගාර කටයුතු කළමනාකරණය සිදු කිරීම.
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විවිධ උත්සව හා රැස්වීම් සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම

 

GalOya

 

අංශ ප්‍රධානී

ඉංජිනේරු  පී.එල්.එන්. පුරනෙගෙදර

වාරිමාර්ග අධ්‍යක්ෂ, වැඩ පොදු හා ගොඩනැගිලි සේවා

කාර්යාලය          : +94 112 587 535
ජංගම                 : +94 711 942 987
පැක්ස්               : +94 112 587 535
විද්‍යුත් තැපෑල     : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.