දැක්ම

අහසින් වැටෙන එක ජල බිඳුවකුදු ලෝකෝපකාරයෙන් තොරව මුහුදට ගලා යා නොදෙනු” යන මහා පරාක්‍රමබාහු රජතුමාගේ පාඨය ගුරුතැන්හිලා, පරිසරයද සුරැකමින්, තිරසාර ආර්ථික හා සමාජ සංවර්ධනය සහතික කරනු සඳහා රටේ ජල සම්පත් වලින් ලබාගත හැකි ප්‍රයෝජන ප්‍රශස්ත මට්ටමට ගෙන ඒම.

මෙහෙවර

කෘෂිකර්මාන්තයට සෘජුවමත්, පාරිසරික, ගෘහස්ථ, කාර්මික හා විදුලි ජනන අවශ්‍යතා සඳහා වක්‍රවත් අවශ්‍ය ජලය සැපයීම සඳහා සමාන්තර ආයතන සමග සහයෝගයෙන් රටේ ජල සම්පත් භාවිතයට ගැනීම, සංවර්ධනය, සංරක්ෂණය, පාලනය, බෙදා හැරීම හා කළමනාකරණය මගින් එම සම්පත්වලින් රටට උපරිම ප්‍රතිලාබය ලබාදීම.

අරමුණු

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු පහත පරිදිය.

  • පාරිසරික තිරසාරත්වය සහතික කරමින් වාරි ජල සම්පාදිත කෘෂිකර්මාන්තය, ජල විදුලිය, ජල ගැලීම් පාලනය, ගෘහස්ථ භාවිතය, කාර්මික භාවිතය සහ ජලජීවී වගාව සංවර්ධනය උදෙසා භූමි හා ජල සම්පත් සංවර්ධනය.
  • වාරිමාර්ග හා ජලාපවහන ව්‍යාපෘතිවල වගා කළ හැකි ඉඩම් සඳහා උස්සාන වාරිමාර්ග, වාරි ජලාපවහන සහ ලවණතා නෙරවුම් පහසුකම් සැපයීම.
  • පානීය ජලය සඳහා පහසුකම් සැපයීම.
  • ගංවතුරෙන් බලපෑමට ලක්වන ඉඩම් වෙත ජල ගැලුම් ආරක්ෂණ සහ ජලාපවහන පහසුකම් සැපයීම.
  • ග්‍රාමීය ගොවි ප්‍රජාවගේ වෙළඳපොළ ආදායම ඉහළ නැංවීම සහ ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කිරීම මගින් එම ප්‍රජාවගේ දරිද්‍රතාව පිටුදැකීම.
  • තිරසාර කෘෂිකර්මය සහ අනෙකුත් භාවිතයන් වෙනුවෙන් ජලය අරපිරිමැසුම්දායීව කළමනාකරණය කිරීම.
  • ප්‍රධාන/මධ්‍ය පරිමාණ/ අන්තර් පළාත් සුළු වාරිමාර්ග යෝජනා ක්‍රමවල භූමි සහ ජල ඵලදයිතාව වැඩි දියුණු කිරීම.
  • ප්‍රධාන/මධ්‍ය පරිමාණ/ අන්තර් පළාත් සුළු සහ ක්ෂුද්‍ර වාරිමාර්ග යෝජනා ක්‍රමවල සමෝධානික ජල සම්පත් කළමනාකරණය සහ සහභාගිත්ව කළමනාකරණය
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති ගංගා ද්‍රෝණිවල සමෝධානික ජල සම්පත් කළමනාකරණය සහ සහභාගිත්ව කළමනාකරණය

කාර්යයන්

  • පාරිසරික සාධකයන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් ඉඩම් සහ ජල සම්පත් ප්‍රශස්ත උපයෝජනය සඳහා විවිධ ගංගා ද්‍රෝණි සංවර්ධනය කිරීම සඳහා ප්‍රධාන සැලසුම් සකස් කිරීම.
  • රටේ ජල සම්පත් සහ ජල ගැලීම් කළමනාකරණය සඳහා පසුගිය දත්ත රැස්කිරීම සහ දත්ත පද්ධතියක් සංවර්ධනය සහ කළමනාකරණය.
  • වාරිමාර්ග, ජල විදුලිය, ජල ගැලීම් පාලනය සහ ඉඩම් ගොඩකිරිම් ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති සහ විස්තරාත්මක සැලසුම් සම්පාදනය.
  • ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ගොවීන්ගේ ජිවන තත්ත්වය උසස් කිරීම පිණිස ඔවුන් විසින් වගා කිරීම සඳහා නව සහ පවතින ඉඩම් වෙත ගුරුත්ව සහ උස්සාන වාරිමාර්ග යටතේ ජලය සංරක්ෂණය, හැරවීම සහ බෙදා හැරීම සඳහා වාරිමාර්ග සහ ජනාවාස ව්‍යාපෘති ඉදිකිරීම.
  • වගා කළ හැකි ඉඩම් අවම අවදානමක් සහිතව ආහාර භෝග නිෂ්පාදනය සඳහා වර්ෂාපතනයෙන් වගා කිරිමට හැකිවනු පිණිස එම ඉඩම් සඳහා ජලාපවහන, ජල ගැලීම් ආරක්ෂණ සහ ලවණ ජල නෙරවුම් ව්‍යාපෘති ඉදිකිරීම.
  • ජල ගැලීම්වලින් සිදුවන හානි අවම කිරීම හෝ අඩු කිරීම පිණිස ජලාපවහනය සහ ජල ගැලීම් ආරක්ෂණ පහසුකම් සැපයීම.
  • මධ්‍ය පරිමාණ සහ ප්‍රධාන වාරිමාර්ග යෝජනා ක්‍රම මෙහෙයුම, නඩත්තුව, වැඩි දියුණු කිරීම, පුනරුත්ථාපනය සහ ජල කළමනාකරණය. ප්‍රතිලාභීන්ගේ සහභාගිත්වයෙන් සහතික කරමින් ප්‍රශස්ත ඵලදායීතාවය සඳහා ජලාපවහන සහ ජල ගැලිම් ආරක්ෂණ යෝජනා ක්‍රම සහ ලවණ ජල නෙරවුම් යෝජනා ක්‍රම. අන්තර් ආංශික භාවිතය, ගෘහස්ත සහ කාර්මික භාවිතය සහ පාරිසරික අවශ්‍යතා සඳහා ජලය සැපයීම.
  • වාරිමාර්ග පද්ධතිවල වේලි සහ මාවැඩ ඇතුළුව ජල යටිතල පහසුකම් නඩත්තු කිරීම සහ උත්ශ්‍රේණි කිරීම.
  • ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ වන පරිදි ද්‍රාව විද්‍යාව, ජල විද්‍යාව, පාංශුගුණ විද්‍යාව, ඉංජිනේරු භූවිද්‍යාව, භූගෝලීය තොරතුරු තාක්ෂණ පද්ධතිය, ඉංජිනේරු ද්‍රව්‍ය සහ ඉඩම් පරිහරණය පිළිබද පර්යේෂණ සිදු කිරීම.
  • වාරිමාර්ග අංශයේ මානව සම්පත් ප්‍රශස්තව උපයෝජනය සඳහා මානව සම්පත් සංවර්ධනය.
  • ශ්‍රී ලංකා රජයේ මූල්‍ය රෙගුලාසි ප්‍රකාරව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූල්‍ය කළමනාකරණ පද්ධතිය, ගිණුම්කරණ, වාර්තා කිරීම් සහ විගණන පද්ධති ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම.
  • රජයේ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල/ සංස්ථා, රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා පුද්ගලයන් වෙත ජල සම්පත් සංවර්ධනය, පදනම් ඉංජිනේරු ශිල්පය, පස් වැඩ හා කොන්ක්‍රීට්වල තත්ත්ව පාලනය, ජල ශක්ති ආකෘති පරීක්ෂාව සහ ඉඩම් පරිහරණ සැලසුම්කරණය යන ක්ෂේත්‍රයන්හි උපදේශන සේවා සැපයීම.
  • රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයතන විසින් මෙහෙයවනු ලබන මහා මාර්ග, සුළු ජල විදුලි, කාර්මික සහ ඉඩම් ගොඩකිරිම්, හෝටල් නිකේතන සහ පානීය ජල වැනි ව්‍යාපෘති සඳහා අවශ්‍ය අවස්ථාවන්හිදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිශ්කාෂණ නිකුත් කිරිම.