ප්‍රධාන කාර්යයන්

  • වේළි නිරන්තරව පරීක්ෂා කිරිම සහ ඊශානදිග මෝසම සඳහා සූදානම අධික්ෂණය, ඇගයීම සහ සම්බන්ධීකරණය මගින් වේළිවල සුරක්ෂිතතාව තහවුරු කිරීම.
  • වේළි සුරක්ෂිතතා භාවිතයන් සුසංවිධිත කිරීම පිණිස මාර්ගෝපදේශ සකස් කිරීම.
  • වේළි පිළිබඳ තාක්ෂණික දත්ත සහ ඒවා සම්බන්ධ ඓතිහාසික තොරතරු එක්රැස් කිරීම
  • වේළි මෙහෙයුම් සදහා ස්ථාවර නියෝග සකස් කිරීම සහ යාවත්කාලීන කිරීම.
  • වේළිවල සුරක්ෂිතතා අවශ්‍යතා පරීක්ෂා කිරීම්, විමර්ශන සහ ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම පිණිස විශේෂඥ අංශ, බාහිර සේවා සංවිධාන සහ වෘත්තිකයන්ගේ ආයතන සමග සම්බන්ධීකරණය.
  • වේළි සුරක්ෂිතා ශාඛාවේ වැය ශීර්ෂය යටතේ වාර්ෂික වැඩසටහන අධීක්ෂණය
  • විශාල වේළි පිළිබඳ ජාත්‍යන්තර කොමිසමේ විශාල වේළි පිළිබඳ ශ්‍රී ලංකා ජාතික කමිටුවේ (SLNCOLD) ලේකම් කාර්යාලය පවත්වා ගෙන යාම.

සේවා

  • නිරන්තර පරීක්ෂා කිරීම් සිදුකරමින් මූලස්ථායි වැඩවල ආරක්ෂාව පිළිබඳ චක්‍රලේඛ යාවත්කාලීන කිරීම සහ නිකුත් කිරීම සහ වා.දෙ. චක්‍රලේඛය 4/2013 මාර්තු 2013 අනුව වාර්තාකරණ පටිපාටිය ක්‍රියාත්මක කිරීම.
  • භාවිතයන් සුසංවිධිත කිරීම පිණිස චක්‍රලේඛවල නියම කර ඇති පරිදි එක් එක් කලාපයේ පුධාන වේළි පිළිබඳ කාර්තුමය පරීක්ෂා කිරිම් සිදුකිරීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම
  • ප්‍රමුඛතා ලැයිස්තුව අනුව වැය ශීර්ෂ යටතේ සියලු වාරිමාර්ග කලාප සඳහා ප්‍රතිපාදන බෙදා හැරීම.
  • ප්‍රධාන සහ මධ්‍යම වැව්වල නිරන්තරයෙන් සහ හදිසි අවස්ථාවලදී ක්ෂේත්‍ර පරීක්ෂණ සිදුකිරිම.
  • කලාපවල සියලු ක්ෂේත්‍ර කාර්ය මණ්ඩල සමග වේළි ආරක්ෂක ක්‍රියාවලින් සහ උපකරණ භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • විදේශ අරමුදලින් ක්‍රියාත්මක වැඩසටහන් යටතේ මූලස්ථායි වැඩ පුනරුත්ථාපනය සඳහා වැඩ කටයුතු සිදුකිරිම
  • සාමාජිකයන්ගේ දැනුම සඳහා විශාල වේළි පිළිබඳ ජාත්‍යන්තර කොමිසමේ විශාල වේළි පිළිබඳ ශ්‍රී ලංකා ජාතික කමිටුවේ (SLNCOLD) ලේකම් කාර්යාලය මගින් වැඩමුළු, සම්මේලන සහ සම්මන්ත්‍රණ සංවිධාන කිරීම

අංශ ප්‍රධානී

 Eng Chamara
ඉංජි. වයි.ඒ.සී.ආර්. කුමාර මහතා
ප්‍රධාන ඉංජිනේරු
කාර්යාලය           : +94-11-2502992
ජංගම දුරකථනය  : +94-71-2027427
පැක්ස්                 :
 
විද්‍යුත් තැපෑල       : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.