අරමුණු

සිවිල් ඉංජිනේරුමය කාර්යයන්ගේ ගුණාත්මක බව තහවුරු කිරීම පිණිස වාරිමාර්ග දෙපාර්තමේන්තුව තුල හා ඉන් පරිබාහිර රාජ්‍ය ආයතන වන පළාත් සභා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල වෙත පහත සඳහන් අදියර වලදී සේවා සැපයීම.,

  • සැළසුම් කිරීම
  • නිර්මාණකරනය.
  • ඉදිකීරීම් කටයුතු.
  • නඩත්තු කිරීම.

කාර්යයන්

ඉහත අදියරන්හිදී සිදුකරන ප්‍රධාන කාර්යයන් වන්නේ:

  • පස් වේලි (නව ඉදිකිරීම් හා පුනරුත්ථාපනය කිරීම්), අමුණු, අනෙකුත් වාරිමාර්ග නිර්මිත හා ගොඩනැගිලිවල අත්තිවාරම් විමර්ශනය.
  • සුදුසු පස් ලබා ගන්නා ස්ථාන හඳුනාගැනීම සහ කොන්ක්‍රීට් වැඩ සඳහා සුදුසු ද්‍රව්‍ය තෝරා ගැනීම.
  • අත්තිවාරම් සහ පස්වේලිවලට අදාල නිර්මාණ කටයුතු සිදුකිරීම.
  • කොන්ක්‍රීට්, සිමෙන්ති, වානේ සහ පස්වැඩ සඳහා ප්‍රමිති පරීක්ෂණ සිදුකිරීම.
  • කොන්ක්‍රීට් සහ පස්වැඩ සඳහා අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ආයතනවලට අවශ්‍ය වන වැඩබිම් විමර්ශණ කටයුතු සඳහා උපදේශන සේවා සැපයීම.
  • පෞද්ගලික අංශය සඳහා පරීක්ෂණාගාර පහසුකම් සැපයීම.