අරමුණු

  • ජලාශ සහ ඒ හා අදාල නිර්මිත වඩාත් ශක්‍ය, ආරක්ෂිත හා ලාභදායී ලෙස ඉදිකිරීමට අවශ්‍යවන භූගර්භ පරාමිතිකයන් නිර්ණය කිරීම සඳහා අවශ්‍ය සහය සැළසුම් හා නිර්මාණ, කලාපීය සැළසුම් හා කළාප කාර්යාල වෙත ලබාදීම.
  • භාවිතයේ ඇති ජලාශ හා අනුබද්ධ නිර්මිත වලින් සිදුවන කාන්දුවීම් හා ස්ථායිතාවය පිළිබඳව ගැටළු ඇතිවන අවස්ථාවන්හිදී ඒ සඳහා පිළියම් අධ්‍යයනය කර ඉදිරිපත් කරීම.
  • භාවිතයේ ඇති ජලාශ සහ අනෙකුත් අනුබද්ධ නිර්මිත සඳහා ලබාගැනීමට අවශ්‍යවන ජල - භූවිද්‍යාත්මක තොරතුරු එක්රැස් කිරීමට අවශ්‍යවන උපකරණ නිර්මාණය, ස්ථාපනය කිරීම හා ක්‍රියාත්මක කරවීම.
  • පාෂාණ ස්ථරයන්ගේ භූ විද්‍යාත්මක හා ජල-භූවිද්‍යාත්මක ගුණාංග හා තත්වතයන් පිළිබඳව පූර්ව තොරතුරු ප්‍රකාශනය
  • පාෂාණ ස්ථරයන් සම්බන්ධව සිදුකරන විශ්ලේෂණයන් සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවෙත අවශ්‍ය සහය හා මගපෙන්වීම් ලබාදීම.
  • පාෂාණ ස්ථර විමර්ශනය, පිළියම් යෙදීම, උපකරන ස්ථාපනය කිරීම හා ජල-භූවිද්‍යාත්මක විශ්ලේෂණයන් සිදුකිරීමට අවශ්‍ය පුද්ගලානුබද්ධ පුහුණු කිරීම් සිදුකිරීම.

කාර්යයන්

  • භූවිද්‍යාත්මක විමර්ශන සිදු කිරීම.
  • පස් හා පාෂෘණ ස්ථරවල මධ්‍ය සාම්පල ලබා ගැනීම.
  • පීඩන හා පාරගම්‍යතා ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීම.
  • SPT පරීක්ෂණ සිදුකිරීම.
  • නියැදියන්ගේ පාෂාණ විද්‍යා විශ්ලේෂණයන් සිදු කිරීම.
  • ලබා ගන්නා නියැදියන්ගේ භූවිද්‍යා විශ්ලේෂණයන් සිදු කිරීම.
  • ලබා ගන්නා නියැදියන්ගේ ජල-භූවිද්‍යාත්මක විශ්ලේෂණයන් සිදු කිරීම.
  • භූ භෞතික සමීක්ෂණ සිදු කිරීම.
  • භූ ගර්භ දියර බදාම කැවීම.
  • පීඩ්‍යතාමාන ස්ථාපනය කිරීම
  • විශ්ලේෂිත දත්තමත නිර්දේශ සැපයීම.

අංශ ප්‍රධානී

Eng Chanaka Samarasinghe
 
ඉංජිනේරු ඒ.ටී.එල්.සී. සමරසිංහ මහතා
වාරිමාර්ග අධ්‍යක්ෂ (ඉංජිනේරුමය භූවිද්‍යා)
+94 112 585 171
+94 759 165 934
+94 112 585 171
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.