මහනුවර, කුරුණෑගල, පුත්තලම සහ අම්පාර වාරිමාර්ග කලාප ආවරණය කරමින් ප්‍රාදේශීය සැලසුම් හා නිර්මාණ වැඩ ආවරණය සඳහා මධ්‍යම කලාපය ස්ථාපිත කර තිබේ.

අරමුණු

ප්‍රධාන ව්‍යාපෘති නිර්මාණ කාණ්ඩයට නොගැනෙන ඉහත වාරිමාර්ග කලාප හතරෙහි සැලසුම් සහ නිර්මාණ ක්‍රියාවට නැංවීම ඉටු කිරීම සඳහා මධ්‍යම කලාපයේ වාරිමාර්ග සැලසුම් හා නිර්මාණ අංශය ස්ථාපිත කර ඇත.

කාර්යයන්

  • වාරිමාර්ග අධ්‍යක්ෂ (කලාප) හෝ කොට්ඨාශ වාරිමාර්ග ඉංජිනේරු විසින් කලාපීය මට්ටමින් යෝජනා කරනු ලබන ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘති, ප්‍රතිසංස්කරණ හෝ පුනරුත්ථාපන යෝජානා ප්‍රවර්ධනය කිරීම.
  • ප්‍රාරම්භ විමර්ශන වාර්තා සකස් කිරීම, පූර්ණ විමර්ශන සමීක්ෂණ ආරම්භ කිරීම, ඉංජිනේරු ද්‍රව්‍ය සමීක්ෂණ ආරම්භ කිරීම සහ යෝජනා සකස් කිරීම, මධ්‍යම පළාත තුළ පිහිටා ඇති වාරිමාර්ග යෝජනා ක්‍රමවල නිර්මාණ සහ ඉදිකිරීම් රූපමය සැලසුම් සකස් කිරිම
  • කලාපයේ ජලධාර සහ සහ ජලාශ්‍රවල ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීම,ගංවතුර සහ නියං තත්ත්වයන් සඳහා කාර්යක්ෂම පද්ධති කළමනාකරණයක් සඳහා කාලගුණ අනාවැකි ඒකකයක් ස්ථාපිත කිරිම සහ සංවර්ධනය කිරිම.
  • මධ්‍යම කලාපයේ යෝජනා ක්‍රම සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයන සකස් කිරිම හා ක්‍රියාවට නැංවීම.
  • මෙහෙයුම් අධ්‍යයන සහ ජල ගැලීම් අධ්‍යයන සිදු කිරීම, ආයතනික යෝජනා සකස් කිරීම, මධ්‍යම පළාත තුළ පිහිටා ඇති වාරිමාර්ග යෝජනා ක්‍රමවල ඉදිකිරිම් රූපමය සැලසුම් සකස් කිරිම.
  • වාරිමාර්ග යෝජනා ක්‍රමවලින් සහ අනෙකුත් වැදගත් ස්ථානවලින් ජල නියැදි ලබා ගැනීම සහ කලාප කාර්යාලයට අනුබද්ධ ජලයේ ගුණාත්මක බව මනින විද්‍යාගාරය ලවා ජල ගුණත්ව පරීක්ෂණ වැඩ කරවා ගැනීම.
  • විද්‍යාගාර පරීක්ෂණ මත පදනම්ව ජලයේ ගුණාත්මක බව පිළිබඳ වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත්කිරිම.
  • ව්‍යාපෘතිය ශක්‍යතාව යටතේ ඇත් නම්, භූගත ජලය අධීක්ෂණය
  • පාරිසරික අධ්‍යයන ඒකකයට සහායක සේවා සැපයීම සහ පරිසර හිතකාමී අන්දමින් වාරිමාර්ග යෝජනා ක්‍රම පවත්වා ගෙන යාමට වාරිමාර්ග අධ්‍යක්ෂට (දිස්ත්‍රික්ක) සහාය වීම.

අංශ ප්‍රධානී

(ඉංජිනේරු) ටී බටගොඩ මිය
වාරිමාර්ග අධ්‍යක්ෂ
කලාප සැලසුම් සහ සැලසුම් අධ්‍යක්ෂ කාර්යාලය,
වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
කුණ්ඩසාලේ.
+94 813 836 418
+94 718 997 850
+94 812 060 737
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.