අනුරාධපුර, පොලාන්නරුව, වවුනියා සහ මන්නාරම වාරිමාර්ග කලාප ආවරණය කරමින් ප්‍රාදේශීය සැලසුම් හා නිර්මාණ වැඩ ආවරණය සඳහා උතුරු මැද කලාපය ස්ථාපිත කර තිබේ.

අරමුණු

ප්‍රධාන ව්‍යාපෘති නිර්මාණ කාණ්ඩයට නොගැනෙන ඉහත වාරිමාර්ග කලාප හතරෙහි සැලසුම් සහ නිර්මාණ ක්‍රියාවට නැංවීම ඉටු කිරීම සඳහා උතුරු මැද කලාපයේ වාරිමාර්ග සැලසුම් හා නිර්මාණ අංශය ස්ථාපිත කර ඇත.

කාර්යයන්

  • වාරිමාර්ග අධ්‍යක්ෂ (කලාප) හෝ කොට්ඨාශ වාරිමාර්ග ඉංජිනේරු විසින් කලාපීය මට්ටමින් යෝජනා කරනු ලබන ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘති ප්‍රතිසංස්කරණය හෝ පුනරුත්ථාපන යෝජනා ප්‍රවර්ධනය කිරීම.
  • ප්‍රාරම්භ විමර්ශන වාර්තා සකස් කිරීම, පූර්ණ සමීක්ෂණ ආරම්භ කිරීම, ඉංජිනේරු ද්‍රව්‍ය සමීක්ෂණ ආරම්භ කිරීම සහ යෝජනා සකස් කිරීම,
  • උතුරු මැද පළාත තුළ පිහිටා ඇති වාරිමාර්ග යෝජනා ක්‍රමවල නිර්මාණ සහ සැලසුම් සකස් කිරිම
  • කලාපයේ ජලධාර සහ සහ ජලාශ්‍රවල ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීම,ගංවතුර සහ නියං තත්ත්වයන් සඳහා කාර්යක්ෂම පද්ධති කළමනාකරණයක් සඳහා කාලගුණ අනාවැකි ඒකකයක් ස්ථාපිත කිරිම සහ සංවර්ධනය කිරිම.
  • උතුරු මැද කලාපයේ යෝජනා ක්‍රම සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයන සකස් කිරිම හා ක්‍රියාවට නැංවීම.
  • මෙහෙයුම් අධ්‍යයන සහ ජල ගැලීම් අධ්‍යයන සිදු කිරීම, ආයතනික යෝජනා ආයතනික යෝජනා සකස් කිරීම, උතුරු මැද පළාත තුළ පිහිටා ඇති වාරිමාර්ග යෝජනා ක්‍රමවල ඉදිකිරිම් රූපමය සැලසුම් සකස් කිරිම
  • පාරිසරික අධ්‍යයන ඒකකයට සහායක සේවා සැපයීම සහ පරිසර හිතකාමී අන්දමින් වාරිමාර්ග යෝජනා ක්‍රම පවත්වා ගෙන යාමට වාරිමාර්ග අධ්‍යක්ෂට (දිස්ත්‍රික්ක) සහාය වීම.

අංශ ප්‍රධානී

(ඉංජිනේරු) ටී. තිරුවරුදෙච්ල්වන්
වාරිමාර්ග අධ්‍යක්ෂ
කලාප සැලසුම් සහ සැලසුම් අධ්‍යක්ෂ කාර්යාලය,
වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
අනුරාධපුර.
+94 252 237 351
+94 776 259 316
+94 272 237 351
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.