අරමුණු

ගොවීන් විසින් වගාකරනු ලබන සහ ආහාර භෝග නිෂ්පාදන සඳහා නව සහ පවත්නා ඉඩම් වෙත ගුරුත්ව සහ උස්සාන වාරිමාර්ග යටතේ ජල සැපයුම පුළුල් කිරීම, සංරක්ෂණය, හැරවුම සහ බෙදා හැරීම සඳහා වාරිමාර්ග සහ ජනවාස ව්‍යාපෘති ඉදිකිරීම. වාරිමාර්ග සහ ජනාවාස ව්‍යාපෘති ඉදිකිරීමේදී, විදුලිබල සම්පත් ඉහළ නැංවීම පිණිස හැකිතාක් දුරට ජල විදුලිය අන්තර්ගත කිරීම.

කාර්යයන්

  • ප්‍රධාන ව්‍යාපෘතිවල විස්තරාත්මක පිරිවැය ඇස්තමේන්තු අනුමතිය සහ අවසර ලබාදීම.
  • අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සහ ජාතික සැලසම් දෙපාර්තමේන්තුවේ අනුමතිය සඳහා ලේඛන සකස් කිරිම
  • කොන්ත්‍රාත් ලේඛන සමාප්තිකරණය සහ කොන්ත්‍රාත් කළමනාකරණය
  • PD/CRE/RE කාර්යාල ඉදිකිරීම සහ අවශ්‍ය සම්පත් සැපයීම
  • අනුමත වැඩ සැලසුම ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, මාසික රැස්වීම් ඇතුළුව භෞතික සහ මූල්‍ය පාලනය සහ අදාළ බලධාරීන් වෙත ප්‍රගතිය වාර්තා කිරීම.
  • ක්‍රියාවට නැංවීමේදී යෝජනා සහ සැලසුම් වෙනස් කිරීම හේතුවෙන් පිරිවැය ප්‍රතිශෝධනය