අරමුණු

  • නව සහ පවත්නා ඉඩම් වෙත ගුරුත්ව සහ උස්සාන වාරිමාර්ග යටතේ ජලය ආවර්ධනය, සංරක්ෂණය, හැරවුම සහ බෙදා හැරීම සඳහා මධ්‍යම සහ සුළු වාරිමාර්ග සහ ජනවාස ව්‍යාපෘති ඉදිකිරීම.
  • වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජල සම්පත් මණ්ඩලය සහ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු ඇතුළුව වෙනත් ආයතනවල ජල සම්පත් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

ප්‍රධාන කාර්යයන්

  • දෙපාර්තමේන්තු ප්‍රමිතිවලට අනුකුලව සුළු සහ මධ්‍ය පරිමාණ ඉදිකිරීම් වැඩ ක්‍රියාත්මක කිරීම
  • ප්‍රගතිය අධීක්ෂණය සහ මූල්‍ය පාලනය ඇතුළුව දිස්ත්‍රික් කාර්ය මණ්ඩලවල සහාය ඇතිව අයවැය ඇස්තමේන්තුවල අයිතම අවසන් වශයෙන් සකස් කිරිම.
  • ඇස්තමේන්තු, සූක්ෂමතා සහ අනෙකුත් අවශ්‍යතා ප්‍රතිශෝධන සිදුවන අවස්ථාවන්හිදී අමාත්‍ය මණ්ඩල සංදේශ පිළියෙළ කිරීම.
  • වාරිමාර්ග අධ්‍යක්ෂගේ (පුහුණු හා ධාරිතා සංවර්ධන) සහාය ඇතිව ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ පුහුණුව සහ ධාරිතා සංවර්ධනය
  • සම්මත කුඩා, මධ්‍ය සහ විශාල කොන්ත්‍රාත් සඳහා අතිරේක වැඩ සහ මිල විචල්‍යයන්ට අදාළව මග පෙන්වීම.

අංශ ප්‍රධානී

Eng PM Jayadeera Copy
ඉංජිනේරු එන්. යෝගරාජන් මහතා
වාරිමාර්ග අධ්‍යක්ෂ (ප්‍රාදේශීය සංවර්ධන)
+94 112 587 535
+94 776 203 591
+94 112 587 535