අරමුණු

  • පහත් බිම් ප්‍රදේශවල නිසි ජලාපවහනය පවත්වා ගැනීම, එම ප්‍රදේශ ජල ගැලීම්වලින් ආරක්ෂා කර ගැනීම සහ එම ප්‍රදේශවලට ලවණ ජලය ඇතුලුවීම වළක්වාලීම මගින් එම ප්‍රදේශවල වී වගාව සඳහා පහසුකම් සැපයීම.
  • මිනිස් ජීවිත, රාජ්‍ය සහ පුද්ගලික දේපළ සහ පරිසරය ජල ගැලීම් ආපාදාවන්ගෙන් ආරක්ෂා කිරිම පිණිස ජල ගැලීම්වලට ලක් වීමට ඉඩ ඇති ප්‍රදේශ සඳහා ව්‍යුහාත්මක ජලගැනීම් ප්‍රතික්‍රියාමාර්ග සැපයීම

කාර්යයන්

  • රටේ ජලාපවාහන සහ ජල ගැලීම් පද්ධති මෙහෙයුම සහ නඩත්තුව
  • ජලාපවහන සහ ජල ගැලීම් පද්ධති පුනරුත්ථාපනය
  • රටේ ලවණ ජලය බැහැර කිරීමේ යෝජනා ක්‍රම මෙහෙයවීම සහ නඩත්තුව
  • අවශ්‍යතා හඳුනාගනිමින් නව ජලාපවහන සහ ලවණ ජලය බැහැර කිරීමේ යෝජනා ක්‍රම සැලසුම් කිරීම.
  • නව ජලාපවහන, ලවණ ජලය බැහැර කිරිම් සහ ජල ගැලීම් පද්ධති සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම.
  • ජලාපවහනය, ලවණ ජලය බැහැර කිරීම සහ ගංවතුර ආරක්ෂණය යන විෂය පථයන් යටතට ගැනෙන ප්‍රධාන සහ මධ්‍යම පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම.
  • ජලාපවහනය සහ ජල ගැලීම් ගැටලුවලට අදාළව ජාතික ව්‍යාපෘති සඳහා තාක්ෂණික උපදෙස් සහ නිර්දේශ සඳහා ජාතික මට්ටමේ තාක්ෂණික කමිටු නියෝජනය කිරීම.
  • ජල ගැලීම් සහ ජලාපවහනය පිළිබඳ ගැටලු පවතින රාජ්‍ය සහ පුද්ගලික සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා නිර්දේශ නිකුත් කිරීම.