අරමුණ

තිරසර සංවර්ධනය සඳහා ප්‍රාග්ධන අයවැය සැලසුම් කිරීමේ ක්‍රියාදාමය සහ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් ප්‍රකාරව වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහතික කිරිමට සහායවීම.

ඒකකයේ කාර්යයන්

  • ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව සෑම වසරක් සඳහාම දෙපාර්තමේන්තුවේ ප්‍රාග්ධන අයවැය සහ දිගුකාලීන මූල්‍ය සහ භෞතික වැඩසටහන් සම්පාදනය
  • එක් එක් වර්ෂය ආරම්භයේදී ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ ප්‍රකාරව වසර තුළදී ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන (ක්‍රියාකාරී සැලැස්ම) සකස් කිරිම.
  • වර්ෂය ආරම්භයේදී සකස් කරනු ලබන ප්‍රධාන වැඩසටහන ප්‍රකාරව මාසික ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම වර්ෂය තුළ අධීක්ෂණය
  • නියමිත ආකෘතියට අනුව ප්‍රගති වාර්තා වාරිමාර්ග අමාත්‍යාංශයට සහ ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම.
  • පරිපාලන වාර්තා, කාර්යසාධන වාර්තා සහ වාර්ෂික වාර්තා පිළියෙළ කිරීම
  • නව ව්‍යාපෘති යෝජනා සඳහා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමතිය ලබා ගැනීම.
  • අවශ්‍ය විටදී නව ව්‍යාපෘති සඳහා අනුමතිය ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩල සංදේශ සකස් කිරීම
  • පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට තොරතුරු සකස් කොට ඉදිරිපත් කිරීම.
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යසාධන දත්ත අනෙකුත් ආයතන වෙත (මහ බැංකුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආදිය) ඉදිරිපත් කිරීම.