Anu directors office

පොළොන්නරුව වාරිමාර්ග කලාපය සම්පූර්ණයෙන්ම පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කයෙන් සමන්විත වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කටයුතු කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශ හතරකට බෙදා පාලනය කෙරේ. මෙම වාරිමාර්ග කොට්ඨාශ පොළොන්නරුව, මින්නේරිය, කවුඩුල්ල සහ ඇලහැර වන අතර එම කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවෙකු සහ තාක්ෂණික කාර්ය මණ්ඩලය විසින් පාලනය කරනු ලැබේ. මෙම එක් වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශයක් තවදුරටත් වාරිමාර්ග ඒකක කිහිපයකට බෙදා ඇති අතර ඒ මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදු කරමින් ගොවි ජනතාවට කාර්යක්ෂම සහ ඵලදායී ලෙස සේවාවක් ලබා දේ.
මෙම වාරිමාර්ග කලාපයේ සම්පූර්ණ වාරිමාර්ග භූමි ප්‍රමාණය අක්කර 88017 ක් සහ එය වාරිමාර්ග ව්‍යාපාර 13 කින් සමන්විත වේ

වාරිමාර්ග පද්ධති ලැයිස්තුව

අංශ ප්‍රධානි

EngNKrishnaruban
(ඉංජිනේරු) එන්. ක්‍රිෂ්නරූබන් මහතා
වාරිමාර්ග අධ්‍යක්ෂ
වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය,
වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
නව නගරය, පොළොන්නරුව.
+94 272 222 361
+94 771 551 581
+94 272 222 361
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

පින්තූර ගැලරිය