අරමුණු

  • අභ්‍යන්තර පාලන පද්ධතිය සඳහා සහභාගිවීම.
  • වැරදි සහ වංචා වැළැක්වී‍ම සහ අනාවරණය කරගැනීම පිණිස යොදා ගනු ලබන පාලන සහ අභ්‍යන්තර පරීක්ෂාවන්ගේ ස්ථාවරබව සහ ප්‍රමාණාත්මකබව සම්බන්ධයෙන් සමීක්ෂණ සහ ස්වාධීන ඇගයීම් සිදු කිරීම.
  • වැඩ සහ යෝජනා ක්‍රමවල ප්‍රගතිය නිර්ණය කිරීම පිණිස ගණන්දීමේ නිලධාරියාට සහායවීම.

කාර්යයන්

  • වංචා සහ දූෂණ වැළැක්වීම සඳහා ක්‍රියාත්මකව පවතින අභ්‍යන්තර පරීක්ෂාවන් සහ පාලන පද්ධති නිර්ණය කිරිම.
  • නිවැරැදි මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම සඳහා ගිණුම්කරණ සහ අනෙකුත් වාර්තාවන්හි විස්වශ්‍යතාව නිර්ණය කිරීම.
  • සියලු ආකාරයේ හානිවලින් දෙපාර්තමේන්තුවේ වත්කම් ආරක්ෂා කරගනු ලබන ප්‍රමාණය නිර්ණය කරගැනීම.
  • ආයතන සංග්‍රහය, මූල්‍ය රෙගුලාසි, දෙපාර්තමේන්තු සහ අදාළ ආයතන විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ හා අනුකූලතාවය නිර්ණය කිරීම.
  • නාස්තිය සහ අක්‍රිය ධාරිතාවය වැළැක්වීම සහ අනාවරණය කර ගැනීම සඳහා යොදාගනු ලබන අභ්‍යන්තර පාලන පද්ධතිවල සඵලතාව නිර්ණය කිරිම.
  • යම් මූල්‍ය ගම්‍යතා සහිත ගිණුම්කරණ පරිපාටි සහ ඒවායේ මෙහෙයුම් පරීක්ෂා කිරීම සහ දෙපාර්තමේන්තුවේ දේපළ සහ වත්කම්වල ආරක්ෂාව, පිරිමැසුම්දායී සහ නිසි භාවිතය පිරික්සා බැලීම.
  • වැඩ, යෝජනාක්‍රම සහ වැඩසටහන් සහ කාල සටහන් කෙතරම් දුරට ඉලක්කවලට අනුව සිදුවන්නේද යන්න ඇගයීම.
    අවශ්‍ය විටදී විශේෂ විමර්ශන සිදුකිරිම.

අංශ ප්‍රධානී

Dm Man

කේ.ඒ.එස්.එස්. පියනාත මහතා

ප්‍රධාන අභ්‍යන්තර විගණක(අභ්‍යන්තර විගණන අංශය)

කාර්යාලය       : 0112 587 999 
ජංගම             : 0718 108 103
පැක්ස්           : 0112 587 999
විද්‍යුත් තැපෑල  : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.