වර්ෂ1849 මඩුවන්වෙල දිසාව සමයේදී නරපෝරු ගඟ හරහා කිතලබොක්ක වේල්ල සහ කඩිගම් ආර හරහා අඹගහ ඇළ වේල්ල ඉදිකර පනාමුරේ වාරි ව්‍යාපාරය ඉදිකරන ලදී. 1941 වර්ෂයේදී මෙම වාරිමාර්ග පද්ධතිය පුනරුත්ථාපනය කර එතැන් සිට වාරිමාර්ග පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අමුණු මාලාවක් ඉදිකර වර්තමාන තත්වය දක්වා නගා සිටුවා ඇත.

විශේෂයෙන්ම යල කන්නයේ වගාවන් සඳහා ජල හිඟයකට මුහුණදෙන දැනට පවතින පානාමුරේ අමුණු පද්ධතියට වාරි ජලය ගලා ඒම විධිමත් කිරීම සහ කොළොන්න සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල 40,000 වූ ජනතාවට පානීය ජල පහසුකම් සඳහා දිනකට ඝන මීටර 7000ක ධාරිතාවයකින් යුත් ජලය සැපයීම සඳහා කොළොන්න ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ජල නිස්සාරණ අවශ්‍යතාවය සපුරාලීම මෙම ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

වියළි කාලවලදී කඩිගම් ආරෙහි ජලය සිදී යාම නිසා සෑම යල මහ කන්නයක්ම අවසන් වන විට වාරි ජල හිඟයක් සහ විරලාගල සහ පනාමුරේ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට පානීය ජල හිඟයක් ඇති වන බැවින් මෙම ගැටළුවට පිළියමක් ලෙස යෝජිත ඇල්ලේ වැව ජලාශය කඩිගම්ආර හරහා ඉදිකිරීමට නියමිතය. යෝජිත ධාරිතාව ඝ.මී මිලියන2.25. වේ. මෙම ජලාශයේ පිහිටීම තඔලවෙල අමුණට ඉහලින් අමුණු පද්ධතියේ මැද කොටසෙහි පිහිටා ඇත.

තාක්ෂණික දත්ත

වේල්ල  
භූගෝලීය ඛණ්ඩාංක 197,878E, 129,676N
උපරිම උස 24 m
මුදුනෙහි දිග 200 m
මුදුනෙහි පළල 6 m
වර්ගය පස්, පිරවුම් බැම්ම
ජලාශය  
ධාරිතාව 2.25 MCM
ධාරා ප්‍රදේශය 7.3 km2
උපරිම සැපයුම් මට්ටමේදී යටවන ප්‍රදේශය 20.58 ha
උපරිම සැපයුම් මට්ටම 177 m MSL
වේල්ලේ මුදුන් මට්ටම 178.70 m MSL
උපරිම ගංවතුර මට්ටම 177.76 m MSL
අවම මෙහෙයුම් මට්ටම 159.5 m MSL
සොරොව්ව පතුලේ මට්ටම 157.5 m MSL

විමසීම්

(ඉංජිනේරු) ආර්.අයි.ජයසිංහ
ඇල්ල වැව ජලාශ ව්‍යාපෘතිය
+94 472 262 310
+94 715 656 218
+94 572 222 527
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කලාප සිතියම

ellewewa map1 ellewewa map2

පින්තූර ගැලරිය