යෝජිත කුඹුක්කන් ඔය ජලාශය සහ ව්‍යාපෘතියේ අනෙකුත් කොටස් ඇතුළුව වගා ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඌව පළාතේ මොනරාගල පරිපාලන දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇත.

කෘෂිකාර්මික ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහා යෝජිත ව්‍යාපෘතිය මගින් කුඹුක්කන් ඔය හරහා ඝන මීටර් මිලියන 48 ක (MCM) ධාරිතාවයකින් යුත් ජලාශයක් ඉදිකිරීමට අපේක්ෂා කරන අතර, ප්‍රධාන වශයෙන් බුත්තල, මොනරාගල සහ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජලාශයෙහි පහළ නිම්නයේ නව හෙක්ටයාර 4,180 කට සහ දැනට පවතින ඉඩම් හෙක්ටයාර 1,250 කට වාරි පහසුකම් සැපයීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව මොණරාගල, නක්කල, කුඹුක්කන, ඔක්කම්පිටිය සහ බුත්තල යන ප්‍රදේශවලට සුරක්ෂිත පානීය ජලය ලබාදීමටත්, මෙම ව්‍යාපෘතියෙන් අමතර ප්‍රතිලාභයක් ලෙස ජල විදුලිය නිපදවීමටත් අපේක්ෂා කෙරේ.

තාක්ෂණික දත්ත

  • ධාරිතාව : ඝන මීටර් මිලියන 48
  • වේල්ලේ දිග : මීටර් 350
  • වේල්ලේ උස : මීටර් 52.5
  • වේල්ලේ වර්ගය : RCC
  • පිටවානහි වර්ගය : අරීය ගේට්ටු
  • අරීය ගේට්ටු සංඛ්‍යාව : 03
  • උමං මාර්ගයෙහි දිග : කි. මී. 4.8
  • වාර්ෂික බලශක්තිය (වම් ඉවුර) : ගිගාවොට් පැය 10.2
  • වාර්ෂික බලශක්තිය (දකුණු ඉවුර) : ගිගාවොට් පැය 5.9
  • වම් ඉවුරු ඇළෙහි දිග : කිලෝමීටර 36
  • දකුණු ඉවුරු ඇළෙහි දිග : කිලෝමීටර 9

ප්‍රතිලාභී ප්‍රදේශ

  • නව ඉඩම් : හෙක්ටයාර 4,180
  • දැනට පවතින ඉඩම් : හෙක්ටයාර 1,250
  • වාර්ෂික ජලය සැපයීම (ගෘහස්ථ හා කාර්මික) : ඝන මීටර් මිලියන 12

විමසීම්

(ඉංජිනේරු) එච්.බී.පී. බණ්ඩාර
ව්‍යාපෘති අධ්‍යක්ෂක

ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය,
කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය,
ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාල පරිශ්‍රය, මොනරාගල.

+94 552 055 242
+94 718 034 660
+94 552 055 242
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. /
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කලාප සිතියම

kubukkanoya map

පින්තූර ගැලරිය