මල්වතු ඔය (පහළ නිම්නය අරුවි ආරු ලෙස හැඳින්වේ) මුළු දිග කිලෝමීටර 162 ක් වන අතර එය ශ්‍රී ලංකාවේ දෙවන දිගම ගංගා ද්‍රෝණිය වේ. එය උතුරු මැද පළාතේ රිටිගල සහ ඉනාමළුව කඳුකරයෙන් (පිළිවෙලින් මුහුදු මට්ටමේ සිට මීටර් 766 සහ මීටර් 383) ආරම්භ වී මන්නාරම දිස්ත්‍රික්කයේ අරිප්පුහිදී මුහුදට ගලා යයි. මල්වතු ඔයේ ඉහළ ජල පෝෂකයෙන් 70% ක් පමණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර පහළ ජල පෝෂකය වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල පිහිටා ඇත.

මල්වතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ ඉපැරණි ජලාශ දෙකක් වන අතර ඒවා නම් යෝධ වැව සහ අකතිමුරිප්පු වැව, පිළිවෙළින් හෙක්ටයාර 9,895 සහ හෙක්ටයාර 2521 ක වාරි ප්‍රදේශවලින් සමන්විත වන අතර පිළිවෙළින් 1.08 සහ 1.0 ක වගා තීව්‍රතාවයකින් ක්‍රියාත්මක වේ. මෙම වැව් දෙක මල්වතු ඔය හරහා ගං මෝයේ සිට කිලෝමීටර් 36ක් පමණ ඉහළට එපිටින් ඉදිකර ඇති ඉපැරණි ‌තෙක්කම් අමුණ මඟින් ජලය සැපයේ. වැව් දෙකේ ම ධාරිතාවන් කන්නයක් තුළ සම්පූර්ණ ප්‍රමාණයට වාරි ජලය සැපයීමට ප්‍රමාණවත් නොවන බැවින්, විශේෂයෙන් වගාවේ අවසාන අදියරේ දී තෙක්කම් අමුණෙන් අඛණ්ඩව ජල ලබා දීම අවශ්‍ය වේ.

මල්වතු ඔයේ ජලය ප්‍රමාණවත් නොවන බැවින් යල කන්නයේ වැව් දෙක යටතේම වගා කළ නොහැක. වර්ෂා කාලවලදී තෙක්කම් අමුණ මතින් විශාල ජල ප්‍රමාණයක් ගලා යාමෙන් මල්වතු ඔයේ පහළ ප්‍රදේශවල විශේෂයෙන් මුසාලේ, නානාට්ටන් සහ මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගංවතුර තත්වයක් ඇති වේ. එබැවින්, යෝධ වැව සහ අකතිමුරිප්පු වැවෙහි වගා ප්‍රදේශවල ජීවත් වන ජනතාව වියළි කාලවල දී නියඟය සහ තෙත් සමයේදී ගංවතුර හේතුවෙන් පීඩා විඳිති.

තෙත් කාලවල දී තෙක්කම් අමුණ පිටාර ගලන ජලය රඳවා තබාගෙන වියළි කාලයේදී මුදා හැරිය හැකි නම් වැව් දෙකේ කෘෂිකාර්මික ඵලදායිතාව විශාල ලෙස ඉහළ නැංවිය හැකිය. තවද, මෙමගින් මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම සැලකිය යුතු ලෙස අඩුකර ගත හැක. එබැවින් වර්ෂා කාලයේදී සිදුවන උපරිම ප්‍රවාහය රඳවා තබා ගැනීම සඳහා මල්වතු ඔයේ පහළ ප්‍රදේශයේ (බෝගොඩ ගම්මානයේ) පහළ මල්වතු ඔය ලෙස හඳුන්වන ජලාශයක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.

තාක්ෂණික දත්ත

විස්තර දත්ත
මුඵ ධාරිතාව 209 MCM 
උපරිම සැපයුම් මට්ටමේ ජලාශ වර්ග ප්‍රමාණය 4422 Ha
උපරිම සැපයුම් මට්ටම 54.11 m msl
උපරිම ගංවතුර මට්ටම 55.05 m msl
වේල්ලේ මුදුන් මට්ටම 58.52 m msl
වේල්ලේ මුදුනෙහි පළල 6 m
වේල්ලේ දිග 3.59 km
Afflux 1.24m (4.1ft)
Free Board without Afflux 3.18 m (10.4 ft)
උපරිම උස 22.22 m (72.9 ft)
වේල්ලේ වර්ගය Homogeneous Earth Fill

ප්‍රතිලාභ

  • යෝධ වැව සහ අකතිමුරුප්පු වැව යටතේ නව වාරි ඉඩම් හෙක්ටයාර 1052 කට (කුඹුරු සහ අතුරු බෝග) සහ දැනට වගා කළ හැකි ඉඩම් හෙක්ටයාර 12,420 කට වාරි පහසුකම් සැපයීම
  • වවුනියාව, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වාර්ෂික ගෘහස්ථ ජල ඉල්ලුම සපුරාලීම සඳහා ජලය ඝන මීටර් මිලියන 12 ප්‍රමාණයක් සැපයීම.
  • ව්‍යාපෘතිය හරහා වාර්ෂිකව ගිගාවොට් පැය 4.68 ක විදුලිය ජනනය කර ජාතික විදුලි බල පද්ධතියට එක් කරනු ලබයි.
  • සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම.
  • නව නගර සැලසුම් ව්‍යාපෘතිය යටතේ තන්තිරිමලේ සංවර්ධනය.
  • වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ගංවතුර අවම කිරීම.
  • සූර්ය බලශක්ති ව්‍යාපෘති හඳුන්වා දීම.
  • උස්සාන වාරි ව්‍යාපෘතිය.
  • ව්‍යාපෘති කාලය තුළ නව රැකියා අවස්ථා.
  • ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය.
  • නැවත වන වගාව.
  • වන සතුන්ගේ සංචලනය වැඩි දියුණු කරමින් වනාන්තර / වනජීවී රක්ෂිත වැඩි දියුණු කිරීම.
  • අභ්‍යන්තර මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම
  • ශක්තිමත් ගොවිජන සේවා ක්‍රියාකාරකම් සහ ආයතනික සංවර්ධනය.

විමසීම්

M.A.S.S ගුණසේන
ව්‍යාපෘති අධ්‍යක්ෂක
-
+94 252 227 887
+94 714 413 760
+94 252 227 887
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.