අරමුණු

ගුණාත්මක හා ප්‍රමාණාත්මක විද්‍යාත්මක තොරතුරු භාවිතා කරමින් වාරිමාර්ග හා අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් පරිහරණ නිර්දේශ සිදු කිරීම

කාර්යයන්

  • පොදු කාර්ය සහ විශේෂිත පාංශු සමීක්ෂණ සිදුකිරිම.
  • නම්කරන ලද ප්‍රදේශයක යොදා ගත හැකි සියලු ඉඩම් පරිහරණ විකල්ප නිර්ණය කිරීම සහ ප්‍රදේශය සඳහා ඉඩම් පරිහරණ සැලැසුම් සකස් කිරීම.
  • ජාතික, පළාත්, දිස්ත්‍රික්ක, ව්‍යාපෘති සහ ගොවිපොළ මට්ටමින් පාංශු සිතියම්, ඉඩම් පරිහරණ සිතියම් සහ ඉඩම් පරිහරණ විභවය දැක්වෙන සිතියම් සකස් කිරීම
  • වාරිමාර්ග ව්‍යාපෘති සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීම සඳහා පාංශු දත්ත සැපයීම
  • වාරිමාර්ග ව්‍යාපෘති සඳහා භෝග සහ අනෙකුත් ඉඩම් පරිහරණ ක්‍රමවේද පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • වාරිමාර්ග ව්‍යාපෘති සහ අනෙකුත් ජල සම්පත් පිළිබඳ ජලයේ ගුණාත්මකභාවය දැක්වෙන දත්ත සැපයීම
  • ඛාදනය වීම ආම්ලිකතාව, ක්ෂාරියතාව සහ ලවණතාව වැනි උපද්‍රව ඇතිවීමේ විභවයන් පිළිබඳ ප්‍රමාණාත්මක ඇගයීම් සිදුකිරිම
  • පස් සහ ජලය සඳහා රසායනික සහ භෞතික විශ්ලේෂණ සිදුකිරිම
  • පාංශු වර්ගීකරණය සහ ජලයේ ගුණාත්මකභාවය පිළිබද පර්යේෂණ පැවැත්වීම