වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පුහුණු අංශය දෙපාර්තමේන්තුවේ පුහුණු හා ධාරිතා සංවර්ධන අවශ්‍යතා හඳුනාගැනීම, සියලුම කාණ්ඩවල සේවක බඳවා ගැනීමේ පටිපාටිවල (Schemes of Recruitments) නියම කර ඇති විභාග පැවැත්වීමට පහසුකම් සැලසීම සහ ප්‍රධාන කාර්යාලයේ, කලාපවල සහ වාරිමාර්ග අභ්‍යාස ආයතනයෙහි පුහුණු කටයුතු වලට පහසුකම් සැලසීම සම්බන්ධීකරණය කිරීම සඳහා පිහිටුවා ඇත.

වාරිමාර්ග අභ්‍යාස ආයතනය විසින් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පුහුණු අංශය මගින් සම්බන්ධීකරණය කරන ලද පූර්ව සේවා සහ සේවාස්ථ පුහුණු වැඩසටහන්, කාර්යක්ෂමතා කඩඉම් විභාග, තාක්ෂණික විභාග (ප්‍රායෝගික) සහ සේවාරම්භක පුහුණු වැඩසටහන් පවත්වයි. පුහුණු අංශය සහ වාරිමාර්ග අභ්‍යාස ආයතනය අතිරේක වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් (පද්ධති කළමනාකරණ) ගේ අධීක්ෂණය ඇතිව පිළිවෙළින් අධ්‍යක්ෂ (පර්යේෂණ සහාය, ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම සහ පුහුණු) සහ අධ්‍යක්ෂ (වාරිමාර්ග අභ්‍යාස ආයතනය) යටතේ ක්‍රියාත්මක වේ.

පහත සටහන මඟින් පුහුණු අංශයේ ක්‍රියාකාරකම් නිරූපණය වේ.

 training flowchart

 තවද, දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශීය හා විදේශීය පුහුණුව සඳහා එනම් PG ඩිප්ලෝමා, Masters, Mphil සහ PhD උපාධි ඇතුළු කෙටිකාලීන සහ පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා යොමු කිරීමට ද මෙම අංශය පහසුකම් සපයයි. දේශීය පුහුණු වැඩසටහන් සේවාරම්භක පුහුණු වැඩසටහන්, කෙටි කාලීන, නවමු පාඨමාලා සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමා වලින් සමන්විත වන අතර ඒවා වාරිමාර්ග අභ්‍යාස ආයතනය මෙන්ම විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, ශ්‍රී ලංකා පදනම් ආයතනය වැනි ආයතන විසින් පවත්වනු ලබයි.

මීට අමතරව, අදාළ ආයතනවල ඉල්ලීම මත අනෙකුත් රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල සහ කාර්මික විද්‍යාලවල පිරිස් පුහුණු කිරීම සඳහා ද පුහුණු අංශය පහසුකම් සපයයි.

ඒ අනුව ජාතික ඉලක්ක සපුරාලීම සඳහා වාරි හා ජල සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සංවිධානයක් ලෙස දෙපාර්තමේන්තු සේවකයින්ගේ සහ පරිබාහිර පුද්ගලයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා පුහුණු අංශය සහ පර්යේෂණ සහාය, ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමේ අංශය මඟින්  ඉහතින් දැක්වූ කාර්යයන් ඉටුකෙ‍ෙර්.

Past Examination Papers   Exam Results grapic

 

Eng Inoka Madam

ඉංජි.ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය

වාරිමාර්ග අධ්‍යක්ෂ-පර්යේෂණ සහාය සහ ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම හා පුහුණු

දුරකථන       +94-11-2584956

ජංගම          +94-71-8008047

පැක්ස්          +94-11-2584956

විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.