මෙම අංශයේ විෂයපථය දෙයාකාර වේ.

අරමුණු

වාරි ජල සම්පාදිත කෘෂිකර්මාන්තයේ එක් ජල ඒකකයක සහ එක් ඉඩම් ඒකකයක භාවිතය ප්‍රශස්ත මට්ටමට ගෙන ඒම මගින් සහභාගිත්ව කළමනාකරණ ප්‍රවේශයක් හරහා ගොවි ප්‍රජාවගේ සමාජ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම පිණිස සමෝධානික කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරිම.

කාර්යයන්

  • ප්‍රධාන සහ මධ්‍යම වාරිමාර්ග යෝජනා ක්‍රමවල වප් හවුල වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  • ව්‍යාපෘති කළමනාකරණ කමිටු අධීක්ෂණය, ව්‍යාපෘති කළමනාකරණ කමිටු ක්‍රියාකාරකම් සඳහා මාර්ගෝපදේශ සකස් කිරිම සහ සියලු වප් හවුල යෝජනා ක්‍රම සඳහා ව්‍යාපෘති කළමනාකරුවන් පත් කිරීම.
  • වී සඳහා ළුලදායිතා වැඩිදියුණු කිරීම් අධීක්ෂණය කිරිම, භෝග විවිධාංගීකරණය සහ තුන්වැනි භෝග වගාව මගින් වගා තීව්‍රතාව ඉහළ නැංවීම.
  • ණය, කෘෂිකාර්මික යෙදවුම් සහ තාක්ෂණය, අලෙවිකරණ සහ ආදායම් උත්පාදන වැඩසටහන් සඳහා අදාළ රේඛීය නියෝජිතායතනවල සේවා සම්බන්ධීකරණය.
  • ව්‍යාපෘති කළමනාකරුවන් සහ ගොවි ප්‍රජාව පුහුණු කිරීම සහ ධාරිතා සංවර්ධනය.
  • ඒකක කාර්යාල කළමනාකරණ මග පෙන්වීම සහ සම්බන්ධීකරණය.
  • වාරිමාර්ග යෝජනා ක්‍රමවල ආක්‍රමණික ශාක විශේෂ කළමනාකරණය
  • සම්ප්‍රදායික වී වගා වැඩසටහන් සහ ආදර්ශ ගොවිපොළ කළමනාකරණය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අදාළ ජාතික ප්‍රදර්ශන සහ අනෙකුත් උත්සව යනාදිය සංවිධානය හා සම්බන්ධීකරණය කිරීම.

 

අංශ ප්‍රධානී

Eng MrsSithija
ඉංජිනේරු සිතිජා සිරිවර්ධන මිය
වාරිමාර්ග අධ්‍යක්ෂ (වාරිමාර්ග හා ඵලදායිතා ප්‍රවර්ධන)
+94-11-2504677
+94-71-6457620
+94-11-2504677
diest[at]irrigation.gov.lk