අරමුණු

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල ශක්ති පර්යේෂණ විද්‍යාගාරය වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහා ආදර්ශ විමර්ශන සහ ක්ෂේත්‍ර විමර්ශන සිදු කරයි. ඊට අමතරව, මෙම අංශය අනෙකුත් ආයතන සඳහා උපදේශන සේවා සපයන අතර මෙම ආයතනයේ ක්ෂේත්‍ර නිලධාරීන් වෙත ලබා දී ඇති මිනුම් උපකරණ අළුත්වැඩියාව සහ නඩත්තු කිරීම සිදු කරයි.

කාර්යයන්

  • මිනුම් උපකරණ සහ විද්‍යාත්මක උපකරණ ස්ථාපනය කිරීම සහ ආදර්ශ පරීක්ෂණ සිදු කිරීම, පරීක්ෂණ ප්‍රතිඵල වගු ගත කිරීම, රූප සටහන් හා වාර්තා පිළියෙළ කිරීම ඇතුළුව ජල ශක්ති ආදර්ශ ඉදි කිරිම.
  • ජල විද්‍යා විෂයය සම්බන්ධ තාක්ෂණික නිර්දේශ සහ අදහස් ලබා දීම පිණිස ඉල්ලීම් මත ක්ෂේත්‍ර පරීක්ෂණ පැවැත්වීම.
  • ජල ප්‍රවාහ මැනීම සඳහා මිනුම් උපකරණ පිරිසැකැස්ම, ස්ථාපනය සහ ක්‍රමාංකණය.
  • ජලය බෙදා හරින ඇළ මාර්ගවල කාන්දුවීම පිළිබඳ අධ්‍යයන.
  • සොරොව් පිටමුව ක්‍රමාංකණය සහ ප්‍රමාණන චක්‍ර සැපයීම.
  • ප්‍රදර්ශන ආකෘති සකස් කිරිම සහ ප්‍රදර්ශනවලට සහභාගිවීම.
  • අනෙකුත් ආයතන සඳහා ප්‍රායෝගික සැසි පැවැත්වීම.
  • අවසන් වසරේ උපාධි අපේක්ෂකයන්ට ඔවුන්ගේ පර්යේෂණ ව්‍යාපෘති කාර්යයන් සඳහා සහාය වීම.
  • දිවයින පුරා මිනුම් උපකරණ සේවා කිරීම සහ අළුත්වැඩියා කිරීම.