Colombo Directors Officeකොළඹ වාරිමාර්ග කලාපය පරිපාලන දිස්ත්‍රික්ක පහකින් සමන්විත වේ. එනම්, කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කොටසක් ද වශයෙනි. මෙම කලාපය තුල වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කටයුතු කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශ හතරකට බෙදා පාලනය කෙරේ. මෙම වාරිමාර්ගකොට්ඨශ කොළඔ, ගම්පහ, කළුතර හා රත්නපුර වශයෙන්නම් කර ඇති අතර සෑම කොට්ඨායක් සඳහාම වාරිමාර්ග ඉංජිනේරුවරයකුගේ පරිපාලනය යටතේ තාක්ෂණික කාර්යය මණ්ඩලයක් මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කාර්යය භාරයක් සිදු කරනු ලැබේ. තවද මෙම එක් වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශයක් වාරිමාර්ග වැඩ ඒකක කිහිපයකට බෙදා ඇති අතර එමගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදු කරමින් ගොවි ජනතාව වෙත කාර්යෂම වූත් ඵලදායී වූත් සේවාවක් ලබා දේ.

මෙම කලාපය තුල සමස්ථ වාරිමාර්ග පහසුකම් සපයන භූමි ප්‍රමාණය අක්කර 16,619ක් වන අතර, මෙය ප්‍රධාන හා මධ්‍ය ප්‍රමාණයේ වාරිමාර්ග පද්ධති 29කින් සමන්විත වේ.

වාරිමාර්ග පද්ධති ලැයිස්තුව

අංශ ප්‍රධානි

Eng Mrs Sudarshani Wedanapathirana
(ඉංජිනේරු) සුදර්ශනී විදානපතිරණ මිය
වාරිමාර්ග අධ්‍යක්ෂ
වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය,
වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ප්‍රධාන කාර්යාල පරිශ්‍රය,
අංක 230, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
+94 112 588 668
+94 718 077 060
+94 112 584 965
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කලාප සිතියම

Ampara Region Map