Galle Directors Officeගාල්ල හා මාතර පරිපාලන දිස්ත්‍රික්ක ගාල්ල වාරිමාර්ග කලාපයට අයත්වේ. මෙම කලාපය තුල වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කටයුතු කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශ තුනකට බෙදා පාලනය කෙරේ. මෙම වාරිමාර්ග කොට්ඨශගිං ගඟ, අම්බලන්ගොඩ හා මාතර වශයෙන් නම් කර ඇති අතර සෑම කොට්ඨායක් සඳහාම වාරිමාර්ග ඉංජිනේරුවරයකුගේ පරිපාලනය යටතේ තාක්ෂණික කාර්යය මණ්ඩලයක් මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කාර්යයභාරයන් සිදු කරනු ලැබේ. තවද මෙම එක් වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශයක් වාරිමාර්ග වැඩ ඒකක කිහිපයකට බෙදා ඇති අතර එමගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදු කරමින් ගොවි ජනතාව වෙත කාර්යෂම වූත් ඵලදායී වූත් සේවාවක් ලබා දේ.

මෙම කලාපය තුල සමස්ථ වාරිමාර්ග පහසුකම් සපයන භූමි ප්‍රමාණය අක්කර 32,119ක් වන අතර, මෙය ප්‍රධාන හා මධ්‍ය ප්‍රමාණයේ වාරිමාර්ග පද්ධති 28කින් සමන්විත වේ.

 

වාරිමාර්ග පද්ධති ලැයිස්තුව

අංශ ප්‍රධානි

Dm Man
ඉංජි. බී.ඒ.ඩබ්. වීරවර්දන
වාරිමාර්ග අධ්‍යක්ෂ
ප්‍රාදේශීය අධ්‍යක්ෂ කාර්යාලය,
වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
නො: 481, බෙලිගහ හන්දිය, ගාල්ල.
+94 912 234 301
+94 718 082 048
+94 912 234 301
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කලාප සිතියම

Ampara Region Map