Hambantota Directors Officeහම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කය හම්බන්තොට වාරිමාර්ග කලාපයට අයත්වේ. මෙම කලාපය තුල වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කටයුතු කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශ තුනකට බෙදා පාලනය කෙරේ. මෙම වාරිමාර්ග කොට්ඨශ, හම්බන්තොට, තිස්සහාරාමය හා වීරකැටිය වශයෙන් නම් කර ඇති අතර සෑම කොට්ඨායක් සඳහාම වාරිමාර්ග ඉංජිනේරුවරයකුගේ පරිපාලනය යටතේ තාක්ෂණික කාර්යය මණ්ඩලයක් මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කාර්යයභාරයන් සිදු කරනු ලැබේ. තවද මෙම එක් වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශයක් වාරිමාර්ග වැඩ ඒකක කිහිපයකට බෙදා ඇති අතර එමගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදු කරමින් ගොවි ජනතාව වෙත කාර්යෂම වූත් ඵලදායී වූත් සේවාවක් ලබා දේ.

මෙම කලාපය තුල සමස්ථ වාරිමාර්ග පහසුකම් සපයන භූමි ප්‍රමාණය අක්කර 52,877.066748ක් වන අතර, මෙය ප්‍රධාන හා මධ්‍ය ප්‍රමාණයේ වාරිමාර්ග පද්ධති 32 කින් සමන්විත වේ.

වාරිමාර්ග පද්ධති ලැයිස්තුව

අංශ ප්‍රධානි

EngRWPrematunga
ඉංජි. ආර්.ඩබ්ලිව්.ජේ. ප්‍රේමත්ංග මහතා
වාරිමාර්ග අධ්‍යක්ෂ
කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය,
වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
දෙබරවැව, තිස්සමහාරාමය.
දුරකථන       +94 472 237 070
ජංගම           +94 718 082 727
පැක්ස්           +94 472 237 070
විද්‍යුත් තැපෑල dihambantota@]gmail.com

කලාප සිතියම

Ampara Region Map