අරමුණු

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අදාළ සියලු පාරිසරික අධ්‍යයනන් පිළිබඳ වූ කරුණු සම්බන්ධයෙන් මෙම ඒකකය කටයුතු කරයි.

කාර්යයන්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විෂය පථය යටතේ ඇති සියලු ව්‍යාපෘති සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් හෝ ව්‍යාපෘති අනුමත කිරීමේ නියෝජිතායතනයෙන් පාරිසරික අනුමතිය (EIA/IEE) ලබා ගැනීම මෙම අංශයේ ප්‍රධාන වගකීමයි. ඊට අමතරව, මෙම අංශය විසින් පහත දැක්වෙන කාර්යයන් ඉටු කරනු ලබයි.

  • අනෙකුත් රාජ්‍ය ආයතන හෝ පුද්ගලික අංශය විසින් මෙහෙයවනු ලබන මහාමාර්ග ව්‍යාපෘති, කුඩා ජලවිදුලි ව්‍යාපෘති, කාර්මික බිම් පිරවුම්, හෝටල් නිකේතන ව්‍යාපෘති, පානීය ජල ව්‍යාපෘති, දුම්රිය ව්‍යාපෘති, විදුලිබල සම්ප්‍රේෂණ ව්‍යාපෘති වැනි සඳහා අවශ්‍ය කවර හෝ අවස්ථාවන්හිදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිෂ්කාශන නිකුත් කිරීම.
  • තාක්ෂණික ඇගයීම් කමිටු සාමාජිකයකු ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නියෝජනය කිරිම සහ පාරිසරික බලපෑම් තක්සේරු / මූලික පාරිසරික ඇගයිම් වාර්තා සමාලෝචනය කිරීම සහ තාක්ෂණික ඇගයිම් කමිටු රැස්වීම් පැවැත්වීම/ මධ්‍යමම පරිසර අධිකාරිය සහ ව්‍යාපෘති අනුමත කිරීමේ අනෙකුත් නියෝජිතායතන වෙත අදහස්/ නිර්දේශ/ යෝජනා ඉදිරිපත් කිරීම.
  • වාරිමාර්ග ව්‍යාපෘතිවල පාරිසරික කරුණු සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කිරීම.
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අදාළ වන රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ව්‍යාපෘතිවල පාරිසරික අධීක්ෂණ කටයුතු
  • ගංගා වැලි කැණීම් සහ භූමිගත වැලි කැණීම් සඳහා නිර්දේශ සහ අවසර දීමේ ලිපි නිකුත් කිරීම
  • වාරි වැව්වල රොන් මඩ ඉවත් කිරීම සඳහා නිර්දේශ නිකුත් කිරිම.

අංශ ප්‍රධානී

Dm Women
 
ඉංජි. ශිරෝමි වීරරත්න මිය
ප්‍රධාන ඉංජිනේරු - පාරිසරික අධ්‍යයන 
කාර්යාලය        : +94-112 581 783
ජංගම        : +94 759 790 400
පැක්ස්             : +94 112 581 783
විද්‍යුත් තැපෑල          : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.