Directors office

අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය අම්පාර කලාපයට අයත්වේ. මෙම කලාපය තුල වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කටයුතු කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ වරයාගේ අධීක්ෂණය යටතේ වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශ හයකට බෙදා පාලනය කෙරේ. මෙම වාරිමාර්ග කොට්ඨාශ අම්පාර, සමන්තුරේ, අක්කරපත්තුව,පොතුවිල්, කල්මුණේ හා මහඔය වශයෙන් නම් කර ඇති අතර සෑම කොට්ඨාශයක් සඳහාම වාරිමාර්ග ඉංජිනේරුවරයෙකුගේ පරිපාලනය යටතේ තාක්ෂණික කාර්යය මණ්ඩලයක් මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කාර්යයභාරයන් සිදු කරනු ලැබේ. තවද මෙම එක් වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශයක් වාරිමාර්ග වැඩ ඒකක කීපයකට බෙදා ඇති අතර එමගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදුකරමින් ගොවිජනතාව වෙත කාර්යක්ෂම වූත් ඵලදායිවූත් සේවාවක් ලබාදේ.

මෙම කලාපය තුල සමස්ථ වාරිමාර්ග පහසුකම් සපයන භූමි ප්‍රමාණය අක්කර 167,686ක් වන අතර මෙය ප්‍රධාන හා මධ්‍ය ප්‍රමාණයේ වාරිමාර්ග පද්ධති 09කින් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ විශාලතම වාරිමාර්ග පද්ධතිය වන ගල්ඔය වාරිමාර්ග පද්ධතිය මෙම කලාපය තුල පිහිටා ඇත. එම පද්ධතිය මගින් වාරිමාර්ග පහසුකම් සපයන භූමි ප්‍රමාණය අක්කර 152,206ක් වන අතර එය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් වාරිමාර්ග පහසුකම් සපයන මුළු භූමි ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් 20%ක් පමණ වේ.

වාරිමාර්ග පද්ධති ලැයිස්තුව

අංශ ප්‍රධානි

Dm Man
(ඉංජිනේරු) එච්.බී.පී. බණ්ඩාර
වාරිමාර්ග අධ්‍යක්ෂ
+94 632 222 171
+94 718 034 660
+94 632 224 061
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කලාප සිතියම

Ampara Region Map

පින්තූර ගැලරිය